Pages

Thursday, July 11, 2019

HUGO 2011

HUGO





HUGO යනු 2011 ,වසරේ ප්‍රංශ ඇමරිකානු එතිහාසික ත්‍රාසජනක නාට්‍යයමය චිත්‍රපටක් වන අතර එය අධ්‍යක්ෂණය කොට නිශ්පාදනය කරන ලද්දේ Martin scorses විසිනි.ජෝන් ලෝගන් මෙහි තිරයට අනුගත විය.Braian Selznick,Hugo Carbret ගේ නව නිපැයුම් පදනම් කරගෙන එය 1930 දී පැරීසයේ Gare Montparnasse දුම්රිය ස්තානයේ තනි ව ජීවත් වන පිරිමි ළමයකුගේ කතාවක් අලලා ගොඩ නගා ඇත.

1930 වසර දී පැරීසයේ 12 හැවිරිදි හියුගෝජීවත් වන්නේ ඔහුගේ වැන්දඹු ඔරලෝසු සාදන්නකු වූ පියා සමග වන අතර ඔහු කෞතුකාගාරයක සේවය කරයි.පියා කෞතුකාගාරයේ දී කැඩුණු  ස්වයංක්‍රීය යන්ත්‍රයක් පෑනෙන් ලිවීමට නිර්මාණය කර ඇති යාන්ත්‍රික මිනිසෙකු සොයා ගනියි.ඔහු හා හියුගෝ එය අලුත්වැඩියා කිරීමට උත්සාහ කරන අතර ඔහුගේ පියා ගින්නමින් මිය යයි.ඉන්පසුව හියුගෝ ජීවත් වන්නේ තම බේබදුකාර මාමා වන ක්ලෝඩ් සමගයි.හියුගෝ සොරකම් කරන ලද කොටස් වලින් ස්වයංක්‍රීය යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට උත්සාහ ගනී.එම යන්ත්‍රයේ පියාගෙන් තමාට ලැබිය යුතු පණිවිඩයක් ඇතුළත්ව ඇතැයි හියුගෝ විශ්වාස කරයි.නමුත් යන්ත්‍රය පණ ගැන්වීමට නම් හදවත් හැඩෙති යතුරක් අවශ්‍ය වේ.මේ ඔස්සේ කතාව ගලා යන අතර මෙම චිත්‍රපටය ජොර්ජ් මේලිස් නම් මහා සිනමා මායාකරැගේ නිර්මාණ සිහි ගන්වමින් ඉදිරිපත් කොට ඇත.

හියුගෝ යනු ත්‍රිමාන තාක්ෂණය යටතේ රූගත කරන ලද ප්‍රථම චිත්‍රපටය වන අතර,චිත්‍රපට නිශ්පාදකවරයා සදහන් කලේ
''ත්‍රිමාන සැබැවින්ම සිත් ගන්නා සුලු බව මට පෙනී ගියේය.මන්ද නලු නිලියන් චිත්තවේගිකව වඩාත් ඉදිරියේ සිටින බැවිනි."
මෙම චිත්‍රපටය එක්සත් ජනපදයේ 2011 නොවැම්බර් 23 දින නිකුත් කරන ලදී.හියුගෝ විවේචනාත්මක පැසසුමට ලක් වූ අතර එම වසරේ වෙනත් කිසිදු චිත්‍රපටයකට වඩා ඇකඩමි සම්මාන 11ක් සදහා නම් කරන ලදී.එයින් සම්මාන 5ක් දිනා ගත්තේ ය.
🔹 හොදම සිනමාකරණය
🔹 හොදම කලා අධ්‍යක්ෂණය
🔹 හොදම ශබ්ද මිශ්‍රණය
🔹 හොදම  ශබ්ද සංස්කරණය
🔹 හොදම දෘශ්‍ය ප්‍රයෝග,ගෝල්ඩන්ග්ලෝබ් සම්මාන 3ක් සදහා නම් කරන ලද අතර ස්කොර්සෙස් හොදම අධ්‍යක්ෂකවරය් සදහා ඔහුට 3වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය මේ සදහා දිනා ගත්තේය.
Directed by           Martin Scorsese
Produced by         Gramham King
                                Timothy Headington
                                Marin Scorsese
                                John Logan
Screenpaly by      John Logan
Music by               Howard Shore

                                    - sneka -

1 comment: