Pages

Wednesday, July 31, 2019

නිසල චල 6

ශ්‍රේෂ්ඨත්වය

මිතුරෝ හතුරන් ඕනෑ තරම් අප ඇසුරු කොට ඇත්තෙමු. සමහරුන් අප ඇසුරු කරන්නේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනී. නමුත් සැබෑ මිතුරන් ඇසුරු කළ අවස්ථාද නැතිවාම නොවෙයි. මිතුරු සතුරාට වඩා සතුරා අගනේය. ග්‍රීක යුගයේ සිට දඩයම් යුගයේ සිටම අපට හමුවන සාධක අනුව මිනිසාගේ හොඳම මිතුරා සුනකයා යන්න පිළිගැනීමයි. එසේම කළගුණ සළකන්නට දන්නෙ සතුන් පමණි.

එහිදී බල්ලන්ට විශේෂ තැනක් හිමිවේ. එක් වේලක් අහරක් ලබාදුන්නද ඉතා ළෙන්ගතුකමක් ආදරයක් උන් දක්වයි. ඒ අතින් මිනිසුන් මිනිස් සතුන්ට වඩා සත්වයන්ට ඇති වටිනාකම හා මනුෂ්‍ය ගුණය අගනේය.

ඡායාරූපය දෙස අවධානය යොමු කිරීමේ දී පහළ කෝණයක පිහිටුවා ඡායාරූපය ලබාගෙන ඇතැ.මේ කෝණයෙන් නරඹන්නාගේ තුල සේයාරුවේ මූලික චරිතය වන සුනකයාගේ අභිමානවත් හා ගරැගාම්බීර ඉරියව්වක් දක්නට ලැබේ.කලු සුදු වර්ණ සංයෝජනයෙන් සේයාරුව නංවා ඇත. පහළ කෝණයකින්  කැමරාව ස්ථානගත කිරීමෙන් අහසේ වැඩි අවකාශයක් රාමුව තුළට සංරචනය කොට ඇත්තේය. සත්වයාගේ උසස් බව හා ශ්‍රේෂ්ඨත්වය මනාව ස්ඵුට වේ.

Photograph Golden Point යටතේ මෙම සේයාරුව ආදේශ කරන කල්හි, වම් පසුකොටු සතර සුනකයා ස්ථානගත කොට ඇති අතර ඉහල කොටු තුනෙන් හිස් අවකාශය දැක්වේ. දකුණුපස ඉහල ස්වර්ණ ලක්ශයේ සුනකයාගේ ඇස ඡේදනය වේ. එහිදී හිස් බව අවකාශය පර ද අප අවධානය මුඛය වස්තු වෙත යොමුකර වීමකි. පහල රේඛාවෙන් නිවෙස් පෙළ හා පොලො තලය වෙන්කරන දක්වන්නට යොදාගෙන ඇති නිවෙසේ පෙළ නිරීක්ෂණය කිරීමේදී මේ නාගරික පරිසරය ලෙස හඳුනාගැනීමට අපහසු නොවේ.


ඡායාරූපය ප්‍රධාන නිරූපණය වන බල්ලා ඉදිරිය දෙස බලාගෙන හිස ඔසවාගෙන හිදී. ඒ ඡායාරූපය නිරූපණයට විශේෂත්වයන් නිතැතින්ම එක් කොට ඇත්තේය. පෙරමුණ තබා ඇති කකුල් වලින් ද වෙනත් ඉරියව්වකින් නොවී පෙනී සිටින මේ ඉරියව්ව ද යළි යළිත් එය සනාථ කරවන්නකි.

ආලෝකය භාවිත සාකච්ජා කරන කළ ස්වභාවික සූර්යාලෝකය උපයෝගී කොටගෙන ඡායාරූපය අනාවරණය කොට ඇත. වස්තු විෂයට ආලෝකය පිහිටා ඇත්තේ ඊට ඉහළින් මඳක් පිටුපසට වන්නට ය. එහෙයින් වස්තුවේ හැඩය කැපී පෙනෙන අතර යම් ත්‍රිමාන බවක්ද ඉස්මතුව පෙනේ. සුනකයාගේ සෙවනැල්ල පොළොවට වැටී ඇති ස්වභාවය අනුවද එය පැති ආලෝකයක් බව පෙනී යයි.

සීමිත පැහැයන් සහිත දීප්තිමත් ස්වරූපයක් ඡායාරූපය මඟින් බොහෝ දුරට ගෙන දෙනුයේ සරලත්වය කී. පවිත්‍රත්වයකී. සුන්දරත්වයකි. එසේම අප නිතර දකින දකින අඳුරට බර  (low key) ඡායාරූප අතර මෙවන් කෘතීන් නිසැක මතක සටහන් තබයි. ස්වභාවයෙන්ම අපවිත්‍ර යයි සලකන නමුත් ප්‍රසන්න හැඟීම් හා ධන ආකල්ප වඩවා ලී මෙහිලා කාචය හැසිර වීම මෙහි විශේෂත්වයයි.

- sneka-

No comments:

Post a Comment