HOME- Yann Arthus Bertarnd විසින් 2009 වර්ශයේ දී නිර්මාණය කල ප්‍රංශ වාර්තා චිත්‍රපටයකී.මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම පාහේ රූගත කිරීම් කොට ඇත්තේ පෘථිවි ගෝලයේ විවිධ ස්ථාන වල ගුවන් දර්ශන මගිනි.මේ මගින් පෘථිවියේ ජීවයේ විවිධත්වය හා මානව වර්ගයා පෘථිවියේ පාරිසරික සමතුලිතතාවයට තර්ජනයක් වන ආකාරය පෙන්වා දෙයි.නිරූපණය කරන ලද ප්‍රදේශය පුලුල් වීම හේතුවෙන් අදියර කිහිපයකට රූගත කිරීම් සිදු කරන ලදී.චිත්‍රපටය නිම කිරීමට මාස 18කට වැඩි කාලයක් ගත වූ අතර,අධ්‍යක්ෂක yann හා කැමරාකරුවකු,කැමරා ඉංජිනේරුවරයකු හා ගුවන්යානා නියමුවකු රටවල් 50කට අධ්ක සංඛ්‍යාවක,විවිධ ප්‍රදේශය හරහා කුඩා හෙලිකොප්ටරයකින් පියාසර කලහ.රූගත කිරීම් සිදුකරන ලද්දේ අධ්-විභේදන 'සිනෝෆ්ලෙක්ස්' කැමරාවලින් වන අතර එය හෙලිකොප්ටරයේ පාදමේ සවිකර තිබුණි.සෑම ගුවන් ගමනකින් ම පසු රූගත කිරීම් භාවිතයට ගත හැකි දැයි තහවුරු කර ගැනීම සදහා පටිගත කිරීම් වහාම පරීක්ෂා කරන ලදී.රූගත කිරීම් අවසන් වූ පසු බේසන් හා ඔහුගේ කාර්ය මණ්ඩලයට සංස්කරණය කිරීම සදහා පැය 488ක දර්ශන ප්‍රමාණයක් ලබා ගත්හ.මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය Dawn Breaters International Film Fest හී දී 2012 වර්ශයේ දී තිරගත කෙරිණ.නමුත් මීට පෙර 2009 ජූනි මස 05 වන දින ලොව පුරා සිනමාශාලාවල,DVD,U-TUBE,BLUE-RAY හා රූපවාහිනී හරහා රටවල් 181කට නිකුත් කරන ලදී.
- Director -Yann Arthus Bertarnd
- Producer -Denis Carot,Luc Besson
- Music by -Arman Amar
- Cinematography -Michel Benjemin,Dominique Gentil
- Running Time -90 minutes
- https://m.youtube.com/watch?v=ZjE9T-KQZOU
- sneka -



සුපිරි ❤️
ReplyDeleteMaru
ReplyDeleteනියමයී..❤️✌️
ReplyDeleteනියමයී..❤️✌️
ReplyDeleteනියමයී..❤️✌️
ReplyDeleteThank you all 💟💟💟
ReplyDelete