Pages

Tuesday, July 30, 2019

නිසල චල 5

ජීවන ගඟ

ජීවිතයට ගතවන සෑම තත්පරයක්ම එකලෙසගත නො වන්නේය්ය.එය විවිධ හැලහැප්පීම්වලින් මහා පර්වත බාධක පසු කොට ගෙන ඉතා අසීරු ගමනක් දිව යාමට අපට සිදුවේ. ජීවන ගලාබසින්නේ දෛවෝපගත ක්‍රියාවලියකට අනුවය. නමුත් එහි ගමන් ගන්නා දිශාව සහ යා යුතු මග තීරණය අප අතේ රැඳී ඇත.

මෙම ඡායාරූපයේ තාක්ෂණික අංශය ගැන බැලීමේදී සම්මත කාච යොදා ගෙන ඇති අතර පුළුල් දර්ශන කෝණයකින් යුක්ත ඈත සිතිජයේ දක්වාම පැහැදිලිව දර්ශනය වන්නේ මෙම කාරණය නිසාය.f අගය උපරිම කාච විවරය කින් යුතුවේ ඇස් මට්ටමට වඩා පහළ කෝණයකින්මෙම ඡායාරූපයේ තාක්ෂණික අංශය ගැන බැලීමේදී සම්මත කාච යොදා ගෙන ඇති අතර, පුළුල් දර්ශන කෝණයකින් යුක්ත ඈත සිතිජයේ දක්වාම පැහැදිලිව දර්ශනය වන්නේ මෙම කාරණය නිසාය.f අගය උපරිම කාච විවරය කින් යුතුවේ. ඇස් මට්ටමට වඩා පහළ කෝණයකින්අනාවරණය කර ඇත.


ඡායාරූපය කොටස් දෙකක් සංයෝජනය වී ඇත. මිනිසාගේ දකුණු පස අත් පා ගඟ පසට වන්නට ඉඩ බැස ගෙන යාම නිරූපිතය. වම්පස මහළු මිනිසා ඔහුව අවකාශය පුරවයි. ස්වභාවික සූර්යාලෝකයට පිටුපා ආලෝකය කළමනාකරණය නිසා මහලු මිනිසාගේ සිරුරේ වම් පසට වන්නට පමණක් තරමක් ඉස්මතුව පෙනේ.

ජීවිතය අඳුරු පක්ෂ නියෝජනය කරන දුපත වී ඇති ගුප්ත බව ය. නිරූපණයට ඔහු රූපරාමුවේ අඳුර දිශාවේ රඳවා ඇති සිතේ ඡායාරූපයහා අහසේ ඇති සුදු වර්ණ වලින් එක්වරම ඡායාරූපය නැරඹීමේදී අප නෙත් රාමුවේ කෙලවරට ඇස යැවීමට ඡායාරූප ශිල්පියා සමත් වේ. ඒ මහලු මිනිසාගේ පැහැදිලිම සමෘදිමත් ව තිබූ අතීත වූවා විය හැකිය.

ඡායා රූප රාමුව තුළ තලයන් දෙකක් ලෙස වෙන් වන්නේ තනි තීරුවක් ලෙස පිහිටා ඇති වූයේ සමූහයකිනි. එසේ නොමැති වූවා නම් අපට ගංගාව හා ආහස වෙන්කර පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි වන්නේය. කිමද යොදාගෙන ඇති අඩු ද්වාර වේගය නිසා ජලය නිරූපණය වන අතර එය අවශ්‍ය වළාකුළු වැනි ස්වභාවයක් හා සමාන වෙන නිසාය.

මෙම මහළු මිනිසුන් ගමන් කරනුයේ ආලෝකය ද ජලයට විරුද්ධ දෙසිනි . ආලෝකයට පිටුපාමින් ඔහුගේ ගත කල ජීවිතයේ සේම ජලයට විරුද්ධව ගමන් කරන්නා වූ ඔහුගේ වෙහෙසකර හා ශක්තිය වැඩි වශයෙන් යෙදීමට සිදුවන ක්‍රියාවක ජීවිතයේ ඉතාම දුෂ්කර ගමන තරණය කිරීමට උදව් වෙන්න එකමආධාරකරයයි.ත්‍රිකෝණාකාර  හැඩයෙන් ඔහුගේ ජීවිතය රාමුවේ තියුණු බව හා එක් කෙළවරක සිටින ඔහුගේ ජීවිත ගමනේ කෙළවර සඳහා ලගා වෙන අයෙකී.

වියපත් වූ පුද්ගලයෙකු වුවද ඔහුගේ දෑත පාද පිහිටා තිබෙන ආකාරය අනුව ශක්තිමත් බව මෙන්ම ඔරුව පැදීමෙන් ලබාගත් ප්‍රාගුණ්‍ය නිරූපිතය. ඔහුගේ බැල්ම තියුණු‍ය.තමා යා යුතු ඉසව්ව සුපැහැදිලිය ජීවන ගංගාවේ තවත් ඉසව්වක් තරණය කිරීමට ඔහුට අයත් හෙට දවසක් ඉතුරුව ඇත කිමිද ඔහුගේ තියුණු දෑස් ඉදිරියේ ඇත්තේ දිග දුර බලා ක්‍රියාකරන පුරුෂයෙකුගේ ලක්ෂණය ස්පුට වීමෙනී.

-sneka-

5 comments: