Pages

Saturday, July 20, 2019

නිසල චල

බැමි බිද


කාන්තවකට පැරණි සමාජයේ මෙන්ම වර්තමානය වන විටත් සාමාජීය ජීවියකු ලෙස හැසිරීමට විවිධ බාධා එමටය.සමහර සීමා පරම්පරානුගතව ඇයට හිමි වන අතර,සමහරක් සමාජයම මෙසේ විය යුතු යැයි තීරණය කල ඒවාය.මේ ආශ්‍රිතව ලිංගික භේදය ඉතා දරුණුවට සාකච්ඡාවට බදුන් වන්නේ, ස්ත්‍රීයට සමාජයේ එක් ආකාරයකටත්,
පුරුෂයකුට සමාජයේ එක් ආකාරයකටත් වරදාන වරප්‍රසාද බෙදීයාමේදී එසේ නොමැතිනම්, නියෝජනයේ දී මතුවන පරස්පරතා හේතුවෙනි ගැහැනිය කිසිවෙකුටත් අනෙකාට වඩා දුර්වල නොවේ. සඵල නොවේ ස්ත්‍රීත්වය හා ඇයගේ ඇති මුහුදු කාරුණිකභාවය කරණ කොටගෙන ඇය යම් රාමුවකට කොටු කිරීම අනුවණ ක්‍රියාවකි.

මෙම ජායාරූපය ගෙන සාකච්ඡා කිරීමේදි ;

ඡායාරූපය ලබා ගැනීමේදී ශිල්පියත් සම්මත කාචයක් (standard lens) භාවිතා කර ඇති බව පෙනේ. එසේම ක්ෂේත්‍ර ගැඹුර (Deaptj of fild) වැඩි පරාසයක විහිදී යන බව දැක්වෙන්නේ ඈත සිතිජය දක්වාම පැහැදිලි දර්ශනයක් දැකිය හැකි නිසාය.
සේයාරුව ඇස් මට්ටම (Eye Level)  සිට අනාවරණය කර ඇත්තේ චලනයකි. ඒ අනුව ද්වාර වේගය ඉහළ අගයකින් තබා රූපය චලනය නිශ්චල කර ඇත්තේය. ඡායාරූප ශිල්පියා රාමුව මධ්‍ය ලක්ෂය වස්තුව පිහිටුවීමෙන් නිවැරදිව තමාගේ රාමුව Balance  කරගනිමින් භූමි දර්ශනයක් ගොඩනගා ගෙන ඇත්තේය.

දෘශ්‍ය මූලික අංග භාවිතය ගැන සැලකීමේදී, නර්තනයක යෙදෙන කාන්තාවකගේ රුවෙයි හැඩය ඉස්මතුව පෙනෙන්නේ ආලෝකයට විරුද්ධ දිශාවේ සිට අනාවරණය කොට ඇති නිසාය.ස්වභාවික ආලෝකය ප්‍රභවයක් වන සූර්යාලෝකය යොදාගෙන ඇත. අහාසේ ඉරුගේ ආලෝක ස්වභාවයට අනුව එය හිර බැසගෙන යන සැදෑවකී. හිරු අවරට යනවාත් සමගම ඉස්මතුව පෙනෙන වර්ණ සංයෝජනය හිතා දීප්තිමත් ස්වරූපයක් ගන්නා අතර දෑසට සැබෑ අහාසේ වූ සිසිලස එක් කරයි.

රාමුවේ උක්ත වස්තූන් ලෙස නිරූපණය වන්නේ නර්තන විලාශයෙන් සිටින කාන්තාව හා අහසේ  පියාඹා යන පක්ෂ සමූහයකි.කාන්තාවගේ ඉරියව් අනුව ඇය නිදහස සොයා ඉමක් කොනක් නැති අහසෙ පක්ෂීන් වගේම පියඹා යන්නත් එකී රාමුවේ උක්ත වස්තූන් ලෙස නිරූපණය වන්නේ නර්තන විලාශයෙන් සිටින කාන්තාව හා අහසේ  පියාඹා යන පක්ෂ සමූහයකි. ඇය සියලු බැඳීම්වලින් නිදහස් කාන්තාවක් ලෙස පෙන්නුම් කරයිඑක් දිශාවක් කරා තම සිතිවිලි හා නිදහස් මනස මෙහෙයවන බව පෙනෙන්නේ පක්ෂයෙන් ගේ හිස යොමුව ඇති දිශාවටම කාන්තාවන් යොමු ව ඇති බැවිනි. කාන්තාවගේ ඉරියව්ව පක්ෂීන්ගේ පියඹා යන හැඩය චලනය එක හා සමාන හා නිසා නැවත නැවත එය සනාථ වේ.

ඇයගේ ඉහළට එසවී ඇති පාදවලට පහලින් හිරු දිස්වේ සාමාන්‍යයෙන් සිංහල සාහිත්‍යයේ දී, සූර්යයා සමාන කරන්නේ පුරුෂ ලිංගයට ය.
කාන්තාව පුරැශාධිපත්‍යනෙන් මිදී එය යට කරමින් ඉදිරියට ඇදෙන බවයි. කරන්නේ යන ව්‍යංග අර්ථවත් සෙසු හරිත පක්ෂය සමූහයාගේ නිරූපණය වන්නේ සමස්ත වනිතාවන් වන්නේය.එමගින් තමා මෙන්ම සියලු කාන්තා පරපුරම ඇය නියෝජනය කරන බව දැක්විය හැකිය. පහළින් වූ වැලි තලයෙන් ඔහේ ගලා ගිය උෂ්ණාධික හා වෙහෙසකර ඇයගේ ජීවිතය නිරූපණය වන්නේ ය. නමුත් ඇය ඒ දෙයින් ඉදීගෙන කිසිදු හැඟීමක් තැකීමක් ඇති නොකරගෙන ගමන් කරයි.

පහළින් වූ ඇය ඇඳ සිටින සායට හිරු එළිය යොමුවීමෙන් රසිකයාගේ නෙත් රූපය දෙස බැලූ සැනින් ම එම වර්ණවත් කොටස වෙත ලංකාවේ කාන්තාවගේ අත් හා පාද සතර දිශාවන් වලට යොමු වී ඇති හෙයින් ස්ත්‍රී වූ යනු සෑම දිසාවකම විසිරී පැතිරී ඇති විශ්ව ශක්තියක් බව මතුවේ.

වර්ණ සීමිත සංඛ්‍යාවක් භාවිත කොට ඉන් සංයමයකින් හා සැහැල්ලුවක් සිතට දැනෙන ලෙස ඡායාරූපය ගොඩනඟා ඇති අතර, රූපරාමුව නැරඹීමේ දී තමාද කුරුල්ලෙකු සමග පියාඹා යන්නාක් මෙන් සිතට දැනෙන සැහැල්ලුව සිත්ගන්නා සුලුය. තමාට දැනෙන හැඟීම් රසිකයාගේ සිතේ ද ඇති කිරීමට සමත් වීම ඡායාරූප කරුවාගේ විශිෂ්ටත්වයේ ලක්ෂණයකි.


                                                   -ස්නේකා

14 comments: