සමහර ජායාරූප හුදෙක්ම රූප ග්‍රහණයක් පමණක් නොව. දහසකුත් අදහස් ගැබ්ව වූ පොතක් වැනිය. නියම රස වින්දනයට පමණක් නොව, ගැඹුරු සමාජ අර්ථයන් ද සමාජය කරා ගෙන යන්නා වූ සංදේශයක් බඳුව සමාජයේ පවතින විවිධ ගැටළු තාඩන පීඩන පංතිය සමානකම් ආදිය ජනගත කරන මාධ්‍යයක් ලෙස ද ඡායාරූපය හැඳින්විය හැකිය.
ඉහත ඡායාරූපය ගැන සාකච්ඡා කිරීමේ දී;
සම්මත කාචයක් යොදාගෙන ඉහළ කාච විවර අගයකින් ශිල්පියා සේයාරුව අනාවරණය කරගෙන ඇත. වර්ණ භාවිතයේ දී කළු සුදු වර්ණ ආශ්රයෙන් රූපය සංස්කරණය කොට ඇත. රූපය එක්වරම නැරඹීමේ දී අපට පෙනී යන්නේ අපිළිවෙළට ඇසුරු ගඩොල් ගොඩක් පමණි මදවේලාවක් සැලකිල්ලෙන් බැලීමේදී ළමුන් දෙදෙනෙකු ගඩොල් ගොඩක් හිස මත තබාගෙන සිටින දසුන දැක ගත හැකි වේ.
එහෙයින් ඔවුන් එම කර්මාන්තය සඳහා සම්මිශ්‍රණය වී ඇති ආකාරය ශිල්පියා ඉස්මතු කොට දක්වයි. දෘශ්‍ය මාධ්‍ය මූලික අංගයන් මනා ලෙස අසුරා ඇති ශිල්පයක් තමා අදහස රසිකයා වෙත යොමු කරයි. මතුපිට ස්වභාවය හසුරුවා ඇති අපිළිවෙල ස්වභාවය මේ ළමුන් දෙදෙනාගේ ජීවිතයේ ද ඇති පිළිවෙල ජීවන ගමන් මඟ විශද කරයි.
මොවුන් ළමා කම්කරුවන් දෙදෙනෙකි. පාසල් ජීවිතයක් ඔවුනට හිමි නැත පොත් බෑගයේ පිටින් දරාගෙන පාසල කරා ගමන් කිරීමට ඔවුනට දෛවයේ ලියැවී නැත. ඒ වෙනුවට ගඩොල් කම්කරුවන් ජීවිතය දරාගෙන ඔහු ජීවත් වෙති.
ඔහු පිටුපසින් ඉන්නේ කැමරා කාචයට මුහුණු පිටුපා පමණක් නොව, ඔවුන්ගේ සුන්දරම ළමා කාලයටමය. මෙය අඳුර හා ආලෝකය දෘශ්‍ය මූලිකාංග රාමුව තුළ ගලපා ඇති ශිල්පියා ගඩොල් ගල් සමඟ වූ ළමුන් දෙදෙනා ද සංයෝජනය වී ඇති ආකාරය රූප සංවර්ධනයේදී මනා කොට දක්වා ඇත්තේය. ඔවුන් සිතා සිටින්නේ සාමාන්‍ය දරුවකුට ඉසිලිය හැකි ආකාරයේ බරක් නම් නොව. තම පවුල් ගැටුම් ප්‍රේමය බව ඔවුනට දැරිය යුතුව ඇත.
යම් කිසි සිදුවීමකට හෝ ක්‍රියාවකට දායක වන්නන් ගේ පෙනුම හා ඇසිරීම කොතෙක් රළු වුවද එම සිදුවීම එක්තරා නිමේෂයකදී යම් ලතාවක් රිත්මයක් දක්නට ලැබේ. ශිල්පියාගේ වගකීම වන්නේ මෙම කාරණා ආදරයෙන් තමාට රුචිකර වූ ලක්ෂණ මනාව ග්‍රහණය කොට ගත හැකි මොහොත කෙරෙහි මනා සංවේදීභාවයකින් පසුවීමයි. එසේම එයා සැසඳෙන තාක්ෂණික විධි ක්‍රම භාවිත කිරීමයි.
මෙම රූප රාමුව තුළ එක්තරා අපිළිවෙළ කාරි රටාවකින් ඇස ගමන් කරවන අතර, ඡායාරූපය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇත්තේ දකුණුපස කොටසෙහිය.ඒ තුළින් කෙළිලොල් පසුවිය යුතු කොළ පැටවුන් දෙදෙනෙකු තම කම්කරු රැකියාව කෙරෙහි දැඩි අවධානයකින් පසුවෙයි. මුහුණ දැක්වීමෙන් ඔවුන්ගේ හැඟීම් ප්රබලව නොපෙනේ. ගඩොල් ගල්ගොඩ රාමුවේ වැඩි ඉඩක් ලබා දීමෙන් ඔවුන්ට එනිසාම ස්ථානය ව්‍යංගාර්ථ දනවයි. එයින් ඔවුන් ගේ හැඟීම් නොපෙනී යන්නේ ඉදිරියේ දී හැඟීම් දැනීම් නොමැති වුවත් ලෙස සමාජගත වන බැවිනි. සාමාජීය වශයෙන් පහළ පන්තිය නියෝජනය කරන මොවුන් කෙරෙහි බලපා ඇති පන්ති පීඩනය ඉදිරියේ දී සමාජය කෙරෙහි ද ඍණාත්මක බලපෑම් කළ හැකිය.
-ස්නේකා

👍
ReplyDelete👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteElama
ReplyDelete👍👍👍👍
ReplyDeleteGood one
ReplyDeletesuper
ReplyDelete