Pages

Sunday, July 21, 2019

නිසල චල 2

සමු දීම
ප්‍රියයන් හැරයාම ලෞකික ජීවිතයේදී දරාගත නොහැකි නමුත් දරාගත යුතු සංසිද්ධියකි. තමා මෙලොවට ගෙන ආයුෂ අවසන් වූ කොයි මොහොතක හෝ ලොවින් සමු ගැනීමට බලා සිටිය යුතුය. සමුදීම ලෙස මා නම් කොට ඇති මේ සේයාරුව කළු සුදු වර්ණයෙන් යුක්ත වේ.

තාක්ෂණික අංශය සැලකීමේදී, මැද බිම හා පසුබිම පැහැදිලිව නොපෙනේ. එසේනම් යොදාගෙන ඇති කාච විවර අගය කුඩා වුවෙකි. සාමාන්‍ය සම්මත කාචයකින්  සේයාරුව අනාවරණය කොට ඇත. ඇස් මට්ටමේ සිට පහල කෝණයක ඉඳ අවස්ථාව ආවරණය කොටගෙන ඇත. යම් චලනයක් නිශ්චල වී ඇත. එනම් කාන්තාවකගේ ඇඩුම් ස්වභාවයයි.එසේනම් ද්වාර වේගය (Shutters Speed) ඉහළ අගයක පිහිටා ඇත.

නිරූපිත කාන්තාව රෝද පුටුවක් මත හිඳගෙන විලාප නගන්නීය. ඡායාරූපය නිරූපිත මිනීපෙට්ටිය කුඩා එකකි.ඒ අනුව එය කුඩා දරුවකුගේ යැයි අනුමාන කළ හැකිය. වැලපෙන ස්ත්‍රියගේ ඥාතියෙකු යැයි සැලකෙන අයෙකු ඇය සැනසීමට උත්සාහ දරන්නේ, බැඳීමෙහි ඇති වේදනාව තේරුම් ගන්න අස්සේය. එම දේහය කුඩා දරුවකුගේ යැයි වඩාත් සනාථ වන්නේ රූපයෙනි දක්නට ඇති කුඩා දරුවන් දෙදෙනෙකුයි මල් පොකුරක් සහිතව සැරසී සිටින බැවිනි.

රෝද පුටුවකින් දේහය දෙස බැලීමට පැමිණ සිටින කාන්තාව තුවාල සහිතව හා ආබාධිත පැමිණ සිටීමෙන් ඔවුන් අනතුරකට මුහුණපා ඇති බව සැලකිය හැකිය. ඇය හැඳීමට වත් ශක්තියක් නොමැතිව සිටින්නේය. වටපිටාව නිරීක්ෂණය කළ විට ද ඉතා කලබලකාරී ස්වභාවයක් රාමුව තුළ ගොඩනැඟී ඇති බව පෙනේ.

පහල කෝණයකින් අනාවරණය කොට ඇති අතර ස්වභාවික ආලෝකයක් යටතේත් සාමාන්‍යයෙන් දවල් කාලයේ යැයි සිතිය හැකිය. කාන්තාවගේ ශරීරය උරහිස හා දණිස් මත ආලෝකය උඩු අතින්ද කළු කබායට ආලෝකය පතිත වී ඇති ආකාරයෙන් ද එය අඳුනා ගත හැකිය. ගිනිපෙට්ටිය වීම තබා තිබීමත් ආලෝකය හා ජනයා වටවී සිටින ආකාරය අනුව විශද වන්නේ මෙම දර්ශනය එළිමහන් දර්ශනයක් වන බවයි.

සේයා රුවෙහි ඇති වැදගත්ම කොටස නම්  වූ පෙරබ්මෙන් නිරූපණය ඇති උත්සාහ කරන දෙයයි. එනම් බොද වූ ශක්තිමත් පුරුෂ අස්තයන් එකිනෙක තදින් බැඳී පැවැතීමයි. ඒ තුළින් අපගේ දෑස් යොමු වන්නේ මල් පොකුරක් අතැතිව රෝද පුටුවට ළඟම සිටින පිරිමි දරුවටයි. ත්‍රිකෝණාකාර රාමුවක් තුළ කොටුව ඒ දරුවාගේ ආරක්ෂාව මෙම අර්ථයන්ගෙන් සුරැකේ ද, නැත්නම් ඔහු පත් සිදුවන්නේ මිනී පෙට්ටියකට අවකාශය හිමිකර ගැනීමට ද නමුත් එම දරුවාට ඒ ගැන ගානක්වත් නැති ඒත් රාමුවේ මෙම ආරක්ෂකයන්ට අසු නොවූ දරුවන් පිරිස ද වෙයි. ඔවුන්ගේ මුහුණ තුළ ඉතුරුව ඇත්තේ ප්‍රශ්නාර්ථමය ස්වභාවයකි.


එකම පරිසරයක එකම රටක වුවද, එක් එක් දරුවාට මුහුණදීමට සිදුවන තත්ත්වයන් අතර වෙනසක් පවතී. ඡායාරූප සංරක්ෂණයේ දී තුන්වන රීතියට අනුව ශිල්පියා ශක්තිමත් පුරුෂයන්ගේ තදින් බැඳී ඇති අද එක ලක්ෂයක පිහිටුවීමෙන් ඊට පහළින් හා ඉහළින් ඇති පිරිමි ළමුන් තිදෙනෙකුගේ ත්‍රිවිධාකාර හැඟීම් මෝචනය සංයමයකින් යුතුව වහරයි. රාත්‍රියේ ලෙස සැළකෙන කාන්තාව ශිල්පියා නිරූපණය කළ ද එයින් ප්‍රකාශිත අර්ථය හුදෙක් කාන්තාවන් වැලපීම නො ව. ළමා ආරක්ෂාව සහ හිමිකම් ගෙන සියුම් ම රසිකයාට ද නොදැනෙන සේ ශිල්පියා මනසට එකතු කරයි. එය දක්ෂ කලාකරුවකුගේ ශිල්පීය ප්‍රාගුණ්‍යයයි.
                                                      -ස්නේකා

6 comments: