Pages

Wednesday, July 31, 2019

නිසල චල 6

ශ්‍රේෂ්ඨත්වය

මිතුරෝ හතුරන් ඕනෑ තරම් අප ඇසුරු කොට ඇත්තෙමු. සමහරුන් අප ඇසුරු කරන්නේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනී. නමුත් සැබෑ මිතුරන් ඇසුරු කළ අවස්ථාද නැතිවාම නොවෙයි. මිතුරු සතුරාට වඩා සතුරා අගනේය. ග්‍රීක යුගයේ සිට දඩයම් යුගයේ සිටම අපට හමුවන සාධක අනුව මිනිසාගේ හොඳම මිතුරා සුනකයා යන්න පිළිගැනීමයි. එසේම කළගුණ සළකන්නට දන්නෙ සතුන් පමණි.

එහිදී බල්ලන්ට විශේෂ තැනක් හිමිවේ. එක් වේලක් අහරක් ලබාදුන්නද ඉතා ළෙන්ගතුකමක් ආදරයක් උන් දක්වයි. ඒ අතින් මිනිසුන් මිනිස් සතුන්ට වඩා සත්වයන්ට ඇති වටිනාකම හා මනුෂ්‍ය ගුණය අගනේය.

ඡායාරූපය දෙස අවධානය යොමු කිරීමේ දී පහළ කෝණයක පිහිටුවා ඡායාරූපය ලබාගෙන ඇතැ.මේ කෝණයෙන් නරඹන්නාගේ තුල සේයාරුවේ මූලික චරිතය වන සුනකයාගේ අභිමානවත් හා ගරැගාම්බීර ඉරියව්වක් දක්නට ලැබේ.කලු සුදු වර්ණ සංයෝජනයෙන් සේයාරුව නංවා ඇත. පහළ කෝණයකින්  කැමරාව ස්ථානගත කිරීමෙන් අහසේ වැඩි අවකාශයක් රාමුව තුළට සංරචනය කොට ඇත්තේය. සත්වයාගේ උසස් බව හා ශ්‍රේෂ්ඨත්වය මනාව ස්ඵුට වේ.

Photograph Golden Point යටතේ මෙම සේයාරුව ආදේශ කරන කල්හි, වම් පසුකොටු සතර සුනකයා ස්ථානගත කොට ඇති අතර ඉහල කොටු තුනෙන් හිස් අවකාශය දැක්වේ. දකුණුපස ඉහල ස්වර්ණ ලක්ශයේ සුනකයාගේ ඇස ඡේදනය වේ. එහිදී හිස් බව අවකාශය පර ද අප අවධානය මුඛය වස්තු වෙත යොමුකර වීමකි. පහල රේඛාවෙන් නිවෙස් පෙළ හා පොලො තලය වෙන්කරන දක්වන්නට යොදාගෙන ඇති නිවෙසේ පෙළ නිරීක්ෂණය කිරීමේදී මේ නාගරික පරිසරය ලෙස හඳුනාගැනීමට අපහසු නොවේ.

ඡායාරූපය ප්‍රධාන නිරූපණය වන බල්ලා ඉදිරිය දෙස බලාගෙන හිස ඔසවාගෙන හිදී. ඒ ඡායාරූපය නිරූපණයට විශේෂත්වයන් නිතැතින්ම එක් කොට ඇත්තේය. පෙරමුණ තබා ඇති කකුල් වලින් ද වෙනත් ඉරියව්වකින් නොවී පෙනී සිටින මේ ඉරියව්ව ද යළි යළිත් එය සනාථ කරවන්නකි.

ආලෝකය භාවිත සාකච්ජා කරන කළ ස්වභාවික සූර්යාලෝකය උපයෝගී කොටගෙන ඡායාරූපය අනාවරණය කොට ඇත. වස්තු විෂයට ආලෝකය පිහිටා ඇත්තේ ඊට ඉහළින් මඳක් පිටුපසට වන්නට ය. එහෙයින් වස්තුවේ හැඩය කැපී පෙනෙන අතර යම් ත්‍රිමාන බවක්ද ඉස්මතුව පෙනේ. සුනකයාගේ සෙවනැල්ල පොළොවට වැටී ඇති ස්වභාවය අනුවද එය පැති ආලෝකයක් බව පෙනී යයි.

සීමිත පැහැයන් සහිත දීප්තිමත් ස්වරූපයක් ඡායාරූපය මඟින් බොහෝ දුරට ගෙන දෙනුයේ සරලත්වය කී. පවිත්‍රත්වයකී. සුන්දරත්වයකි. එසේම අප නිතර දකින දකින අඳුරට බර  (low key) ඡායාරූප අතර මෙවන් කෘතීන් නිසැක මතක සටහන් තබයි. ස්වභාවයෙන්ම අපවිත්‍ර යයි සලකන නමුත් ප්‍රසන්න හැඟීම් හා ධන ආකල්ප වඩවා ලී මෙහිලා කාචය හැසිර වීම මෙහි විශේෂත්වයයි.

- sneka-

Tuesday, July 30, 2019

නිසල චල 5

ජීවන ගඟ

ජීවිතයට ගතවන සෑම තත්පරයක්ම එකලෙසගත නො වන්නේය්ය.එය විවිධ හැලහැප්පීම්වලින් මහා පර්වත බාධක පසු කොට ගෙන ඉතා අසීරු ගමනක් දිව යාමට අපට සිදුවේ. ජීවන ගලාබසින්නේ දෛවෝපගත ක්‍රියාවලියකට අනුවය. නමුත් එහි ගමන් ගන්නා දිශාව සහ යා යුතු මග තීරණය අප අතේ රැඳී ඇත.

මෙම ඡායාරූපයේ තාක්ෂණික අංශය ගැන බැලීමේදී සම්මත කාච යොදා ගෙන ඇති අතර පුළුල් දර්ශන කෝණයකින් යුක්ත ඈත සිතිජයේ දක්වාම පැහැදිලිව දර්ශනය වන්නේ මෙම කාරණය නිසාය.f අගය උපරිම කාච විවරය කින් යුතුවේ ඇස් මට්ටමට වඩා පහළ කෝණයකින්මෙම ඡායාරූපයේ තාක්ෂණික අංශය ගැන බැලීමේදී සම්මත කාච යොදා ගෙන ඇති අතර, පුළුල් දර්ශන කෝණයකින් යුක්ත ඈත සිතිජයේ දක්වාම පැහැදිලිව දර්ශනය වන්නේ මෙම කාරණය නිසාය.f අගය උපරිම කාච විවරය කින් යුතුවේ. ඇස් මට්ටමට වඩා පහළ කෝණයකින්අනාවරණය කර ඇත.

ඡායාරූපය කොටස් දෙකක් සංයෝජනය වී ඇත. මිනිසාගේ දකුණු පස අත් පා ගඟ පසට වන්නට ඉඩ බැස ගෙන යාම නිරූපිතය. වම්පස මහළු මිනිසා ඔහුව අවකාශය පුරවයි. ස්වභාවික සූර්යාලෝකයට පිටුපා ආලෝකය කළමනාකරණය නිසා මහලු මිනිසාගේ සිරුරේ වම් පසට වන්නට පමණක් තරමක් ඉස්මතුව පෙනේ.

ජීවිතය අඳුරු පක්ෂ නියෝජනය කරන දුපත වී ඇති ගුප්ත බව ය. නිරූපණයට ඔහු රූපරාමුවේ අඳුර දිශාවේ රඳවා ඇති සිතේ ඡායාරූපයහා අහසේ ඇති සුදු වර්ණ වලින් එක්වරම ඡායාරූපය නැරඹීමේදී අප නෙත් රාමුවේ කෙලවරට ඇස යැවීමට ඡායාරූප ශිල්පියා සමත් වේ. ඒ මහලු මිනිසාගේ පැහැදිලිම සමෘදිමත් ව තිබූ අතීත වූවා විය හැකිය.

ඡායා රූප රාමුව තුළ තලයන් දෙකක් ලෙස වෙන් වන්නේ තනි තීරුවක් ලෙස පිහිටා ඇති වූයේ සමූහයකිනි. එසේ නොමැති වූවා නම් අපට ගංගාව හා ආහස වෙන්කර පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි වන්නේය. කිමද යොදාගෙන ඇති අඩු ද්වාර වේගය නිසා ජලය නිරූපණය වන අතර එය අවශ්‍ය වළාකුළු වැනි ස්වභාවයක් හා සමාන වෙන නිසාය.

මෙම මහළු මිනිසුන් ගමන් කරනුයේ ආලෝකය ද ජලයට විරුද්ධ දෙසිනි . ආලෝකයට පිටුපාමින් ඔහුගේ ගත කල ජීවිතයේ සේම ජලයට විරුද්ධව ගමන් කරන්නා වූ ඔහුගේ වෙහෙසකර හා ශක්තිය වැඩි වශයෙන් යෙදීමට සිදුවන ක්‍රියාවක ජීවිතයේ ඉතාම දුෂ්කර ගමන තරණය කිරීමට උදව් වෙන්න එකමආධාරකරයයි.ත්‍රිකෝණාකාර  හැඩයෙන් ඔහුගේ ජීවිතය රාමුවේ තියුණු බව හා එක් කෙළවරක සිටින ඔහුගේ ජීවිත ගමනේ කෙළවර සඳහා ලගා වෙන අයෙකී.

වියපත් වූ පුද්ගලයෙකු වුවද ඔහුගේ දෑත පාද පිහිටා තිබෙන ආකාරය අනුව ශක්තිමත් බව මෙන්ම ඔරුව පැදීමෙන් ලබාගත් ප්‍රාගුණ්‍ය නිරූපිතය. ඔහුගේ බැල්ම තියුණු‍ය.තමා යා යුතු ඉසව්ව සුපැහැදිලිය ජීවන ගංගාවේ තවත් ඉසව්වක් තරණය කිරීමට ඔහුට අයත් හෙට දවසක් ඉතුරුව ඇත කිමිද ඔහුගේ තියුණු දෑස් ඉදිරියේ ඇත්තේ දිග දුර බලා ක්‍රියාකරන පුරුෂයෙකුගේ ලක්ෂණය ස්පුට වීමෙනී.

-sneka-

Friday, July 26, 2019

Some of my NIKON collection

OUT OF THE WINDOWS 

01.Windchin 

02.After school 

03.Green leaf

04.List of life

04.Footage 

Wednesday, July 24, 2019

BLOG එකට Followers හදා ගන්නේ කොහොමද බන්.........????😞😞😞

BLOG එකට Followers සාදා ගන්නේ කෙසේද...?

Blog එකක් තිබ්බට Followers හදා ගන්න දන්නෙ නැද්ද......?එක එක්කෙනට වදින්න සිද්ධ වෙලාද.......?😉කාගෙවත් ලොකු seen දැන් බලන්න ඔනේ නෑ.ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි. 👇
01.ඉස්සෙලාම blog එකට log වෙලා ඉන්න ඉතින් නැත්තම් බෑනේ.....පස්සේ මෙන්න මේ වගේ layouts වලට යන්න ඔනේ..
ඒක තියෙන්නෙ ඉතින් blog එකේ වම් පැත්තෙ හරිය.

02.එහෙම ගිහින් මෙන්න මේ වගේ තමයි ඒක touch කරාම එන්නෙ.ඒ touch කරාපු layout එකෙ මෙන්න මෙහෙම page එකක් ආවම ආන් ඒකෙ sidebar-rigth 1 එකේ add a gadget වලට යන්න ඕනේ....
03.ඕන් line එකට වැටුණා.....😆 එහෙනම් ඒකත් ඉතින් touch කරන්න.එතනදි මේන් මේ වගේ තමයි පෙන්නේ.... අහවල් list එකේ,පහලට යනකොට ඔන්න ඉන්නවා අපේ එකා....බය නැතුව ඉතින් දෙන්න එහෙනම් followers වැඩි වැඩියෙන් ලැබේවා කියල ඕන්.....

04.එහෙනම් ඔන්න අවසාන අදියර.....ඔව් ඔව් මෙක save කියලා දෙන්න....

05.හරි එහෙනම් දැන් ගිහින් බලමුකො profile එකට.......ඕන් මගේ followers උන්දෑලයි.follow බොත්තමයි දිලිසි දිලිසි තියනව මෙන්න.
Followers හදන්න කියල දීපු එකාවත් follow කරන් යන් හොදේ......😆😆😆

නැත්තම් හොද නෑ නේ.......
මං - ස්නේකා

Monday, July 22, 2019

නිසල චල 4

සයිබර් පියාපත් 

සයිබර් අවකාෂයෙන් මිනිසාගේ සමාජ අවකාශය ද අන්තර්ජාල සබඳතා මිනිසාගේ සැබෑ ජීවිතය මානව සබඳතා ද E- දැනුම මිනිසාගේ බුද්ධි ප්‍රභේද විනාශ කර ඇති  කලි යුගයක අප හුස්ම ගැනීමු. අන්තර්ජාලයෙන් ජීවිතයට හා දැනුමට ඇති විශාල අවකාශයක් ඇති බව සැබෑය. ඒ දැනුම නිසි ලෙස භාවිතා කොට ජීවිතය සාර්ථක භාවයට මෙන්ම යහපත් සබදතා පවත්වා ගත යුතුය.

නමුත් ;

ඒ යහපතට යොදා ගෙන සාර්ථක පුද්ගලයකු වෙනවද නැත්නම්සමාජ විසන්විදානය කරුවෙකු වෙනවාද ,යන්න තීරණය ඔබ සතුය.ජායාරූප තාක්ෂණික මුහුණුවර නිරීක්ෂණය කිරීමේ දී මේ චිත්‍රාගාරයක් තුළ ගත් සේයාරුවකි සාමාන්‍ය කාචයක් (staderd lens) යොදාගෙන ඇතිඅතර  soft box මගින් ආලෝකය සපයා ගෙන ඇත. කාච විවර අගය ඉහළ අගයක සිටින්නේ ඡායාරූපයෙ සෑම තැනකම ඩීටේල් හොඳින් තියුණුව පෙනීමට තිබීමෙනි ඇස් මට්ටමේ සිට ඉහළින් higth angel අනාවරණයකි.

ඡායාරූපය බැලූ බැල්මට දැකගත හැකි වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගොඩක් මත සිහිසුන්ව වැටී සිටින තරුණයෙකි. ඔහුගේ පිටට සම්බන්ධ කොට ඇති කෘතිම පියාපත් යුවලක් වේ.

සමස්ත අර්ථකථනය ගැන සලකා බලන කල පරිගණක අපද්‍රව්‍යයන් විසින් කොටසින් අදහස් කරන්නේ අන්තර්ජාලය හා සමාජ ජාල වැනි සබඳතා හා ජීවිතයේ ඵලරහිත ස්වභාවයකට සමාන කොට එසේ නමි සරණ හා ඉලෙක්ට්‍රොනික අංග භාවිතා කරමින් අනතුරුව ඉවත දමනවා සේ අපද ඵලරහිත කොටසක් බවට පත්වන බවයි. වැඩිමනත් අපට ලැබෙන්නේ යල්පැනගිය මෝස්තරේ කොටසින් මේ හා බැඳී සිටින සියුම්ව ශිල්පියා විවේචනය කරන්නේ එකම දේකට සීමා වී ඇති යල්පැනගියවුන් ලෙසය.

යම් රටාවකට අනුව එම ද්‍රව්‍යයන් අහුරා නොතිබීමෙන් අපිලිවෙලක් විශද වන අතර ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය ද අපිළිවෙළ කිරීමට බලපා ඇති සෙයකි. ඉතා අදුර පරිසරයක් මෙන් සුනි විසිනු වලින් නිර්මාණය කිරීමෙන් ඉලෙක්ට්‍රොනික උපාංග තුල දෘශ්‍ය මාධ්‍ය මූලික අංග වන ආකෘතිය රාමුවේ සෑම තැනකම යොදාගැනීමෙන් සුනු විසුනු වූ මිනිස් ජීවිතය මොනවට පැහැදිලිවෙයි. තැන තැන සෘජුකෝණාස්‍රාකාර ව දක්නට ලැබෙන පරිගණක රාමු ඇලී ඇති මිනිස් ජීවිතය ද මෙයින් ගම්‍යමාන වේ.

සමස්ත ඡායාරූප රාමු මෙන්ම අපගේ අවධානය යොමු වන එකම ස්ථානය නම් පරිගණක අපද්‍රව්‍ය මත වැතිරී සිටින තරුණයාය. අධික ඇබ්බැහි එකෙන් සයිබර් අවකාශයෙන් යෙදී ඇලීමෙන් එම ඉලෙක්ට්‍රොනික මළගමට ඔහුද සම්මාදම් වී ඇති සේයකී.

වර්තමාන තරුණ පරපුර බොහෝවිට අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියන් සමග වත් අතර සබඳතා තවත් තබාගන්නේ  අවශ්‍ය වුවමනාවන් සපුරා ගැනීම පිණිසය. වැඩිපුර කාලය තමයි යොමුකරන්නේ ඩේටා සබඳතා තුළිනි  තොර ලොවක් ඔවුන්ට නැති තරම් එම කරුණු සනාථකිරීමට මෙන්ම ඡායාරූපකරණයක් පරිගණක කොටස් ඉතා දැඩිව වැළඳ ගෙන සිටීම නිරූපිතය. ඔහුගේ දකුණු පාදය බිමට එල්ලා තිබීමත්, වම් පාදය අපද්‍රව්‍ය තුළ තිබීම වැන්නා තරමක් දුරට ඔවුන් එයින් ගත හැකි ස්ථානයක සිටින නමුත් තරුණයාට කැමැත්තෙන් පසුවන බවක් නොපෙනේ.

තරුණයා උඩුකය ආවරණය කරගෙන නොමැති ශිල්පියෝ සුදුවර්ණයේ කලිසමක් පමණක් ඔහුට යොදා ගැනීමේ නරඹන්නාගේ ඇස් නිතැතින්ම මුඛ්‍ය තේමාව ග්‍රහණය කරගැනීමට සමත්ව ඇත.

ඔහුගේ පිට වූ බිඳුනු පියාපත් සමස්ත ඡායාරූපය පිළිබිඹුවක් ලෙස දැක්වේ. සාරාංශයක් සේ දැක්විය කිහිලිකරු කුරුලු පියාපත්වලින් හා කම්බි වලින් නිර්මිත පියාපත් අබලන්වී ඇත.cyber සැරිසරමින් සිටි එය දැන් තුවාල වී ඇත. කිහිලි කරුවන් මගින් පියාපත් ශක්තිමත් කිරීමෙන් ඔහුට තුළ සැරිසැරීමට උපකාර ආධාරකයක් ලෙස දක්වා ඇති අතර ස්වභාවිකව කුරුලු පියාපත් ශක්තිමත් කිරීම තුළින් මෙය විශ්ම හා විසිතුරු ලෝකයක් ලෙස සැබෑවක් සේ දක්නට යනු අනාවරණයක් නැත්නම් මායාවක් ලෙස සැලකිය හැකිය. තරුණයාගේ පියාපත්  සහැල්ලු ඒවා නොව ඒවා අධික බරකින් යුක්ත බැලූ බැල්මට පෙනේ.ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම බර දරාගෙන සිටීමට නොහැකි තරුණයකි. අන්තර්ජාලයේ බව ආටෝපයන් ආඩම්බරකාරී ජීවිතය ධනපති පන්ති ආකල්ප හා වාණිජවාදී සෝපනය හමුවේ පහළ හා මධ්‍යම පාන්තිකයන්ට එය දරාගත නොහැකි බරකි.ජායාරූපකරණයේ  අපට ලබාගත හැකි ආදර්ශය අල්ප විය නොහැකිය ක්‍රමයෙන් අපි මානුෂීය හැඟීම් යටපත් ව යක්ශා ජීවන රටාවකට අප තල්ලු වීමට මෙම සාධකය ද දරා ඇති ඉඩ සුළුපටු නොවේ.

-sneka-

නිසල චල 3

කම්කරු පාසල
සමහර ජායාරූප හුදෙක්ම රූප ග්‍රහණයක් පමණක් නොව. දහසකුත් අදහස් ගැබ්ව වූ පොතක් වැනිය. නියම රස වින්දනයට පමණක් නොව, ගැඹුරු සමාජ අර්ථයන් ද සමාජය කරා ගෙන යන්නා වූ සංදේශයක් බඳුව සමාජයේ පවතින විවිධ ගැටළු තාඩන පීඩන පංතිය සමානකම් ආදිය ජනගත කරන මාධ්‍යයක් ලෙස ද ඡායාරූපය හැඳින්විය හැකිය.

ඉහත ඡායාරූපය ගැන සාකච්ඡා කිරීමේ දී;

සම්මත කාචයක් යොදාගෙන ඉහළ කාච විවර අගයකින් ශිල්පියා සේයාරුව අනාවරණය කරගෙන ඇත. වර්ණ භාවිතයේ දී කළු සුදු වර්ණ ආශ්‍රයෙන් රූපය සංස්කරණය කොට ඇත. රූපය එක්වරම නැරඹීමේ දී අපට පෙනී යන්නේ අපිළිවෙළට ඇසුරු ගඩොල් ගොඩක් පමණි මදවේලාවක් සැලකිල්ලෙන් බැලීමේදී ළමුන් දෙදෙනෙකු ගඩොල් ගොඩක් හිස මත තබාගෙන සිටින දසුන දැක ගත හැකි වේ.

එහෙයින් ඔවුන් එම කර්මාන්තය සඳහා සම්මිශ්‍රණය වී ඇති ආකාරය ශිල්පියා ඉස්මතු කොට දක්වයි. දෘශ්‍ය මාධ්‍ය මූලික අංගයන් මනා ලෙස අසුරා ඇති ශිල්පයක් තමා අදහස රසිකයා වෙත යොමු කරයි. මතුපිට ස්වභාවය හසුරුවා ඇති අපිළිවෙල ස්වභාවය මේ ළමුන් දෙදෙනාගේ ජීවිතයේ ද ඇති පිළිවෙල ජීවන ගමන් මඟ විශද කරයි.

මොවුන් ළමා කම්කරුවන් දෙදෙනෙකි. පාසල් ජීවිතයක් ඔවුනට හිමි නැත පොත් බෑගයේ පිටින් දරාගෙන පාසල කරා ගමන් කිරීමට ඔවුනට දෛවයේ ලියැවී නැත. ඒ වෙනුවට ගඩොල් කම්කරුවන් ජීවිතය දරාගෙන ඔහු ජීවත් වෙති.

ඔහු පිටුපසින් ඉන්නේ කැමරා කාචයට මුහුණු පිටුපා පමණක් නොව, ඔවුන්ගේ සුන්දරම ළමා කාලයටමය. මෙය අඳුර හා ආලෝකය දෘශ්‍ය මූලිකාංග රාමුව තුළ ගලපා ඇති ශිල්පියා ගඩොල් ගල් සමඟ වූ ළමුන් දෙදෙනා ද සංයෝජනය වී ඇති ආකාරය රූප සංවර්ධනයේදී මනා කොට දක්වා ඇත්තේය. ඔවුන් සිතා සිටින්නේ සාමාන්‍ය දරුවකුට ඉසිලිය හැකි ආකාරයේ බරක් නම් නොව. තම පවුල් ගැටුම් ප්‍රේමය බව ඔවුනට දැරිය යුතුව ඇත.

යම් කිසි සිදුවීමකට හෝ ක්‍රියාවකට දායක වන්නන් ගේ පෙනුම හා ඇසිරීම කොතෙක් රළු වුවද එම සිදුවීම එක්තරා නිමේෂයකදී යම් ලතාවක් රිත්මයක් දක්නට ලැබේ. ශිල්පියාගේ වගකීම වන්නේ මෙම කාරණා ආදරයෙන් තමාට රුචිකර වූ ලක්ෂණ මනාව ග්‍රහණය කොට ගත හැකි මොහොත කෙරෙහි මනා සංවේදීභාවයකින් පසුවීමයි. එසේම එයා සැසඳෙන තාක්ෂණික විධි ක්‍රම භාවිත කිරීමයි.

මෙම රූප රාමුව තුළ එක්තරා අපිළිවෙළ කාරි රටාවකින් ඇස ගමන් කරවන අතර, ඡායාරූපය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇත්තේ දකුණුපස කොටසෙහිය.ඒ තුළින් කෙළිලොල් පසුවිය යුතු කොළ පැටවුන් දෙදෙනෙකු තම කම්කරු රැකියාව කෙරෙහි දැඩි අවධානයකින් පසුවෙයි. මුහුණ දැක්වීමෙන් ඔවුන්ගේ හැඟීම් ප්‍රබලව නොපෙනේ. ගඩොල් ගල්ගොඩ රාමුවේ වැඩි ඉඩක් ලබා දීමෙන් ඔවුන්ට එනිසාම ස්ථානය ව්‍යංගාර්ථ දනවයි. එයින් ඔවුන් ගේ හැඟීම් නොපෙනී යන්නේ ඉදිරියේ දී හැඟීම් දැනීම් නොමැති වුවත් ලෙස සමාජගත වන බැවිනි. සාමාජීය වශයෙන් පහළ පන්තිය නියෝජනය කරන මොවුන් කෙරෙහි බලපා ඇති පන්ති පීඩනය ඉදිරියේ දී සමාජය කෙරෙහි ද ඍණාත්මක බලපෑම් කළ හැකිය.
                                         
                                                           -ස්නේකා

Sunday, July 21, 2019

නිසල චල 2

සමු දීම
ප්‍රියයන් හැරයාම ලෞකික ජීවිතයේදී දරාගත නොහැකි නමුත් දරාගත යුතු සංසිද්ධියකි. තමා මෙලොවට ගෙන ආයුෂ අවසන් වූ කොයි මොහොතක හෝ ලොවින් සමු ගැනීමට බලා සිටිය යුතුය. සමුදීම ලෙස මා නම් කොට ඇති මේ සේයාරුව කළු සුදු වර්ණයෙන් යුක්ත වේ.

තාක්ෂණික අංශය සැලකීමේදී, මැද බිම හා පසුබිම පැහැදිලිව නොපෙනේ. එසේනම් යොදාගෙන ඇති කාච විවර අගය කුඩා වුවෙකි. සාමාන්‍ය සම්මත කාචයකින්  සේයාරුව අනාවරණය කොට ඇත. ඇස් මට්ටමේ සිට පහල කෝණයක ඉඳ අවස්ථාව ආවරණය කොටගෙන ඇත. යම් චලනයක් නිශ්චල වී ඇත. එනම් කාන්තාවකගේ ඇඩුම් ස්වභාවයයි.එසේනම් ද්වාර වේගය (Shutters Speed) ඉහළ අගයක පිහිටා ඇත.

නිරූපිත කාන්තාව රෝද පුටුවක් මත හිඳගෙන විලාප නගන්නීය. ඡායාරූපය නිරූපිත මිනීපෙට්ටිය කුඩා එකකි.ඒ අනුව එය කුඩා දරුවකුගේ යැයි අනුමාන කළ හැකිය. වැලපෙන ස්ත්‍රියගේ ඥාතියෙකු යැයි සැලකෙන අයෙකු ඇය සැනසීමට උත්සාහ දරන්නේ, බැඳීමෙහි ඇති වේදනාව තේරුම් ගන්න අස්සේය. එම දේහය කුඩා දරුවකුගේ යැයි වඩාත් සනාථ වන්නේ රූපයෙනි දක්නට ඇති කුඩා දරුවන් දෙදෙනෙකුයි මල් පොකුරක් සහිතව සැරසී සිටින බැවිනි.

රෝද පුටුවකින් දේහය දෙස බැලීමට පැමිණ සිටින කාන්තාව තුවාල සහිතව හා ආබාධිත පැමිණ සිටීමෙන් ඔවුන් අනතුරකට මුහුණපා ඇති බව සැලකිය හැකිය. ඇය හැඳීමට වත් ශක්තියක් නොමැතිව සිටින්නේය. වටපිටාව නිරීක්ෂණය කළ විට ද ඉතා කලබලකාරී ස්වභාවයක් රාමුව තුළ ගොඩනැඟී ඇති බව පෙනේ.

පහල කෝණයකින් අනාවරණය කොට ඇති අතර ස්වභාවික ආලෝකයක් යටතේත් සාමාන්‍යයෙන් දවල් කාලයේ යැයි සිතිය හැකිය. කාන්තාවගේ ශරීරය උරහිස හා දණිස් මත ආලෝකය උඩු අතින්ද කළු කබායට ආලෝකය පතිත වී ඇති ආකාරයෙන් ද එය අඳුනා ගත හැකිය. ගිනිපෙට්ටිය වීම තබා තිබීමත් ආලෝකය හා ජනයා වටවී සිටින ආකාරය අනුව විශද වන්නේ මෙම දර්ශනය එළිමහන් දර්ශනයක් වන බවයි.

සේයා රුවෙහි ඇති වැදගත්ම කොටස නම්  වූ පෙරබ්මෙන් නිරූපණය ඇති උත්සාහ කරන දෙයයි. එනම් බොද වූ ශක්තිමත් පුරුෂ අස්තයන් එකිනෙක තදින් බැඳී පැවැතීමයි. ඒ තුළින් අපගේ දෑස් යොමු වන්නේ මල් පොකුරක් අතැතිව රෝද පුටුවට ළඟම සිටින පිරිමි දරුවටයි. ත්‍රිකෝණාකාර රාමුවක් තුළ කොටුව ඒ දරුවාගේ ආරක්ෂාව මෙම අර්ථයන්ගෙන් සුරැකේ ද, නැත්නම් ඔහු පත් සිදුවන්නේ මිනී පෙට්ටියකට අවකාශය හිමිකර ගැනීමට ද නමුත් එම දරුවාට ඒ ගැන ගානක්වත් නැති ඒත් රාමුවේ මෙම ආරක්ෂකයන්ට අසු නොවූ දරුවන් පිරිස ද වෙයි. ඔවුන්ගේ මුහුණ තුළ ඉතුරුව ඇත්තේ ප්‍රශ්නාර්ථමය ස්වභාවයකි.

එකම පරිසරයක එකම රටක වුවද, එක් එක් දරුවාට මුහුණදීමට සිදුවන තත්ත්වයන් අතර වෙනසක් පවතී. ඡායාරූප සංරක්ෂණයේ දී තුන්වන රීතියට අනුව ශිල්පියා ශක්තිමත් පුරුෂයන්ගේ තදින් බැඳී ඇති අද එක ලක්ෂයක පිහිටුවීමෙන් ඊට පහළින් හා ඉහළින් ඇති පිරිමි ළමුන් තිදෙනෙකුගේ ත්‍රිවිධාකාර හැඟීම් මෝචනය සංයමයකින් යුතුව වහරයි. රාත්‍රියේ ලෙස සැළකෙන කාන්තාව ශිල්පියා නිරූපණය කළ ද එයින් ප්‍රකාශිත අර්ථය හුදෙක් කාන්තාවන් වැලපීම නො ව. ළමා ආරක්ෂාව සහ හිමිකම් ගෙන සියුම් ම රසිකයාට ද නොදැනෙන සේ ශිල්පියා මනසට එකතු කරයි. එය දක්ෂ කලාකරුවකුගේ ශිල්පීය ප්‍රාගුණ්‍යයයි.
                                                      -ස්නේකා

Saturday, July 20, 2019

නිසල චල

බැමි බිද

කාන්තවකට පැරණි සමාජයේ මෙන්ම වර්තමානය වන විටත් සාමාජීය ජීවියකු ලෙස හැසිරීමට විවිධ බාධා එමටය.සමහර සීමා පරම්පරානුගතව ඇයට හිමි වන අතර,සමහරක් සමාජයම මෙසේ විය යුතු යැයි තීරණය කල ඒවාය.මේ ආශ්‍රිතව ලිංගික භේදය ඉතා දරුණුවට සාකච්ඡාවට බදුන් වන්නේ, ස්ත්‍රීයට සමාජයේ එක් ආකාරයකටත්,
පුරුෂයකුට සමාජයේ එක් ආකාරයකටත් වරදාන වරප්‍රසාද බෙදීයාමේදී එසේ නොමැතිනම්, නියෝජනයේ දී මතුවන පරස්පරතා හේතුවෙනි ගැහැනිය කිසිවෙකුටත් අනෙකාට වඩා දුර්වල නොවේ. සඵල නොවේ ස්ත්‍රීත්වය හා ඇයගේ ඇති මුහුදු කාරුණිකභාවය කරණ කොටගෙන ඇය යම් රාමුවකට කොටු කිරීම අනුවණ ක්‍රියාවකි.

මෙම ජායාරූපය ගෙන සාකච්ඡා කිරීමේදි ;

ඡායාරූපය ලබා ගැනීමේදී ශිල්පියත් සම්මත කාචයක් (standard lens) භාවිතා කර ඇති බව පෙනේ. එසේම ක්ෂේත්‍ර ගැඹුර (Deaptj of fild) වැඩි පරාසයක විහිදී යන බව දැක්වෙන්නේ ඈත සිතිජය දක්වාම පැහැදිලි දර්ශනයක් දැකිය හැකි නිසාය.
සේයාරුව ඇස් මට්ටම (Eye Level)  සිට අනාවරණය කර ඇත්තේ චලනයකි. ඒ අනුව ද්වාර වේගය ඉහළ අගයකින් තබා රූපය චලනය නිශ්චල කර ඇත්තේය. ඡායාරූප ශිල්පියා රාමුව මධ්‍ය ලක්ෂය වස්තුව පිහිටුවීමෙන් නිවැරදිව තමාගේ රාමුව Balance  කරගනිමින් භූමි දර්ශනයක් ගොඩනගා ගෙන ඇත්තේය.

දෘශ්‍ය මූලික අංග භාවිතය ගැන සැලකීමේදී, නර්තනයක යෙදෙන කාන්තාවකගේ රුවෙයි හැඩය ඉස්මතුව පෙනෙන්නේ ආලෝකයට විරුද්ධ දිශාවේ සිට අනාවරණය කොට ඇති නිසාය.ස්වභාවික ආලෝකය ප්‍රභවයක් වන සූර්යාලෝකය යොදාගෙන ඇත. අහාසේ ඉරුගේ ආලෝක ස්වභාවයට අනුව එය හිර බැසගෙන යන සැදෑවකී. හිරු අවරට යනවාත් සමගම ඉස්මතුව පෙනෙන වර්ණ සංයෝජනය හිතා දීප්තිමත් ස්වරූපයක් ගන්නා අතර දෑසට සැබෑ අහාසේ වූ සිසිලස එක් කරයි.

රාමුවේ උක්ත වස්තූන් ලෙස නිරූපණය වන්නේ නර්තන විලාශයෙන් සිටින කාන්තාව හා අහසේ  පියාඹා යන පක්ෂ සමූහයකි.කාන්තාවගේ ඉරියව් අනුව ඇය නිදහස සොයා ඉමක් කොනක් නැති අහසෙ පක්ෂීන් වගේම පියඹා යන්නත් එකී රාමුවේ උක්ත වස්තූන් ලෙස නිරූපණය වන්නේ නර්තන විලාශයෙන් සිටින කාන්තාව හා අහසේ  පියාඹා යන පක්ෂ සමූහයකි. ඇය සියලු බැඳීම්වලින් නිදහස් කාන්තාවක් ලෙස පෙන්නුම් කරයිඑක් දිශාවක් කරා තම සිතිවිලි හා නිදහස් මනස මෙහෙයවන බව පෙනෙන්නේ පක්ෂයෙන් ගේ හිස යොමුව ඇති දිශාවටම කාන්තාවන් යොමු ව ඇති බැවිනි. කාන්තාවගේ ඉරියව්ව පක්ෂීන්ගේ පියඹා යන හැඩය චලනය එක හා සමාන හා නිසා නැවත නැවත එය සනාථ වේ.

ඇයගේ ඉහළට එසවී ඇති පාදවලට පහලින් හිරු දිස්වේ සාමාන්‍යයෙන් සිංහල සාහිත්‍යයේ දී, සූර්යයා සමාන කරන්නේ පුරුෂ ලිංගයට ය.
කාන්තාව පුරැශාධිපත්‍යනෙන් මිදී එය යට කරමින් ඉදිරියට ඇදෙන බවයි. කරන්නේ යන ව්‍යංග අර්ථවත් සෙසු හරිත පක්ෂය සමූහයාගේ නිරූපණය වන්නේ සමස්ත වනිතාවන් වන්නේය.එමගින් තමා මෙන්ම සියලු කාන්තා පරපුරම ඇය නියෝජනය කරන බව දැක්විය හැකිය. පහළින් වූ වැලි තලයෙන් ඔහේ ගලා ගිය උෂ්ණාධික හා වෙහෙසකර ඇයගේ ජීවිතය නිරූපණය වන්නේ ය. නමුත් ඇය ඒ දෙයින් ඉදීගෙන කිසිදු හැඟීමක් තැකීමක් ඇති නොකරගෙන ගමන් කරයි.

පහළින් වූ ඇය ඇඳ සිටින සායට හිරු එළිය යොමුවීමෙන් රසිකයාගේ නෙත් රූපය දෙස බැලූ සැනින් ම එම වර්ණවත් කොටස වෙත ලංකාවේ කාන්තාවගේ අත් හා පාද සතර දිශාවන් වලට යොමු වී ඇති හෙයින් ස්ත්‍රී වූ යනු සෑම දිසාවකම විසිරී පැතිරී ඇති විශ්ව ශක්තියක් බව මතුවේ.

වර්ණ සීමිත සංඛ්‍යාවක් භාවිත කොට ඉන් සංයමයකින් හා සැහැල්ලුවක් සිතට දැනෙන ලෙස ඡායාරූපය ගොඩනඟා ඇති අතර, රූපරාමුව නැරඹීමේ දී තමාද කුරුල්ලෙකු සමග පියාඹා යන්නාක් මෙන් සිතට දැනෙන සැහැල්ලුව සිත්ගන්නා සුලුය. තමාට දැනෙන හැඟීම් රසිකයාගේ සිතේ ද ඇති කිරීමට සමත් වීම ඡායාරූප කරුවාගේ විශිෂ්ටත්වයේ ලක්ෂණයකි.

                                                   -ස්නේකා

Thursday, July 18, 2019

සද තිරයේ....

A Trip to the Moon

A Trip to the Moon යනු ජෝර්ජස් මැලීස් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1902 ප්‍රංශ ත්‍රාසජනක චිත්‍රපටයකි. ජූල්ස් වර්න්ගේ නවකතා ෆ්‍රම් ද පෘථිවිය සඳ සහ අවට සඳ වටා නව මූලාශ්‍ර ඇතුළු දේවානුභාවයෙන් යුත් මෙම චිත්‍රපටය තාරකා විද්‍යායින් කණ්ඩායමක් අනුගමනය කරමින් කාලතුවක්කුවක් වැනි ප්‍රචලිත කැප්සියුලයකින් සඳ වෙත ගමන් කරයි.

චන්ද්‍රයාගේ මතුපිට ගවේෂණය කර, එයින් ගැලවී යයි. සෙලෙනයිට්වරුන්ගේ භූගත කණ්ඩායම (චන්ද්‍ර වැසියන්), සහ වහලෙකු වූ සෙලේනයිට් සමඟ නැවත පෘථිවියට පැමිණේ. මහාචාර්ය බාබන්ෆොයිලිස්ගේ ප්‍රධාන භූමිකාව සඳහා මේලිස්  විසින්ම මෙහෙයවන ලද ප්‍රංශ නාට්‍ය රංගන ශිල්පීන්ගේ සමූහයක් මෙහි අන්තර්ගත වන අතර මේලිස්ගේ ප්‍රසිද්ධියට පත් වූ අතිශය නාට්‍යමය ශෛලිය තුළ එය රූගත කර ඇත.
තාරකා විද්‍යා සමාජයේ රැස්වීමක දී එහි සභාපති මහාචාර්ය බාබන්ෆූලිස්, සඳ වෙත ගවේෂණයක් කිරීමට යෝජනා  කරයි. කිසියම් විසම්මුතියකට ආමන්ත්‍රණය කිරීමෙන් පසු තවත් නිර්භීත තාරකා විද්‍යායින් පස්දෙනෙකු වන නොස්ට්‍රාඩමස්, ඇල්කොෆ්‍රිස්බාස්, ඔමේගා, මයික්‍රොමෙගාස්,  සහ පරෆරගරමස් යන අය මෙම සැලැස්මට එකඟ වෙති. ඔවුන් වෙඩි උණ්ඩයක හැඩයෙන් අභ්‍යවකාශ කැප්සියුලයක් ද අභ්‍යවකාශයට වෙඩි තැබීම සඳහා විශාල කාලතුවක්කුවක් ද සාදයි. තාරකා විද්‍යායින් ඉන්පිටත් වන අතර ඔවුන්ගේ කැප්සියුලය "මැරීන්" ආධාරයෙන් කාලතුවක්කුවෙන් වෙඩි තබනු ලබන අතර, බෑන්ඩ් වාදනය කරනු ලබන්නේ  නැවියන්ගේ ඇඳුමින් සැරසී සිටින තරුණියන් විසිනි. සඳෙහි මිනිසුන් සහිත කැප්සියුලය ළඟා වන විට එය සද නරඹන අතර එය ඔහුට ඇසට උන්ඩ පහර දෙයි.

ආරක්ෂිතව සඳ මතට ගොඩබසින තාරකා විද්‍යායින් අභ්‍යවකාශ ඇඳුම් කට්ටල අවශ්‍යතාවයකින් තොරව කැප්සියුලයෙන් පිටතට ගොස් පෘථිවිය දුරින් සද නිරීක්ෂණය කරයි. ඔවුන්ගේ ගමනෙන් වෙහෙසට පත් ඔවුන් බ්ලැන්කට් ගලවා නිදාගන්නෙ සද මතුපියි. ඔවුන් නිදා සිටියදී, වල්ගා තරුවක් පසුකර යන විට, බිග් ඩිපර් සෑම තාරකාවකින්ම මිනිස් මුහුණු දිස් වෙයි, පැරණි සෙනසුරු ඔහුගේ වළලු සහිත ග්‍රහලෝකයේ ජනේලයකින් හේත්තු වී සිටින අතර, සඳෙහි දේවතාවිය වන ෆෝබි, චන්ද්ර සඳක වාඩි වී සිටින බවක් පෙනේ. ෆෝබි විසින් හිම පතනයක් තාරකා විද්‍යායින් අවදි කරන අතර ඔවුන් යෝධ හතු සොයා ගන්නා ගුහාවක නවාතැන් සොයති.

එක් තාරකා විද්‍යායෙක් තම කුඩය විවෘත කරයි; එය වහාම මුල් බැස යෝධ හතු බවට හැරේ.
මෙම අවස්ථාවෙහිදී, සෙලෙනයිට් (කෘමිනාශක පිටසක්වල ජීවියෙකු, ග්‍රීක සඳ දේවතාවියන්ගෙන් කෙනෙකු වන සෙලීන් නම් කර ඇත) පෙනී සිටියද, තාරකා විද්‍යායෙකු විසින් එය පහසුවෙන් මරා දමනු ලැබේ, සත්වයන් බලහත්කාරයෙන් පහර දුන්නොත් එය පුපුරා යයි. තවත් සෙලේනයිට් පෙනී සිටින අතර තාරකා විද්‍යායින්ට ඒවා වට වී ඇති බැවින් ඒවා විනාශ කිරීම වඩ වඩාත් අපහසු වේ. සෙලෙනයිට්වරු තාරකා විද්‍යායින් අල්ලා ඔවුන්ගේ රජුගේ මාළිගාවට ගෙන යති. තාරකා විද්‍යායෙක් සෙලෙනයිට් රජු සිංහාසනයෙන් ඔසවා බිම හෙළන අතර එය පුපුරා යයි.

ලුහුබඳින සෙලෙනයිට්වරුන්ට දිගින් දිගටම පහර දෙන අතර තාරකා විද්‍යායින් නැවත ඔවුන්ගේ කැප්සියුලයට දිව යන අතර පස් දෙනෙක් ඇතුළට යති. හයවන තාරකා විද්‍යායා වන බාබන්ෆූලිස් විසින්ම කඹයක් භාවිතා කර සඳ මත ඇති ඉනිමඟකට ඉහළින් හා අභ්‍යවකාශයට කැප්සියුලය ඇලවයි..සෙලේනයිට්වරයෙක් අවසාන මොහොතේ කැප්සියුලය අල්ලා ගැනීමට උත්සාහ කරයි. තාරකා විද්‍යායා, කැප්සියුලය සහ සෙලේනයිට් අභ්‍යවකාශය හා ගොඩබිම හරහා පෘථිවියේ සාගරයක් තුළට වැටෙන අතර එහිදී ඔවුන් නැවකින් බේරාගෙන වෙරළට ඇද දමනු ලැබේ. අවසාන අනුපිළිවෙල  සංචාරකයින්ගේ ආපසු පැමිණීමට ගෞරව දැක්වීම සඳහා සැමරුම් පෙළපාලියක් නිරූපණය කරන අතර, වහලුන් වූ සෙලේනයිට් ප්‍රදර්ශනය කිරීම සහ "ලේබර් ඔම්නියා වින්සිට්" ආදර්ශ අනුස්මරණ ප්‍රතිමාවක් නිරාවරණය කරයි.
1902 මැයි මාසයේදී ඒ ට්‍රිප් ටු ද මූන් ආරම්භ කළ ම්ලිස් එම වසරේ අගෝස්තු මාසයේදී චිත්‍රපටය නිමා කර ප්‍රංශ බෙදාහරින්නන්ට මුද්‍රණ විකිණීම ආරම්භ කළේය. 1902 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ පැරිසියේ මාලීස්ගේ තේට්‍රේ රොබට්-හවුඩිනි හිදී චන්ද්‍රයා වෙත අත් පා මුද්‍රණයක් ප්‍රදර්ශනය කරන ලදී.

Directed by          - Georges Méliès
Produced by        - Georges Méliès
Written by           - Georges Méliès
Cinematography -ThéophileMichault,
                                -Lucie,
                                -Tainguy
Production company - Star Film Company

- sneka -

Wednesday, July 17, 2019

https://assets.roar.media/assets/3xiDL4nPgULqR1dU_Cover-Image.jpg
1961 ජූලි 8 වන දා එංගලන්තයේ බකිංහැම්‍ෂයර් කෝරළයේ ක්ලිව්ඩන් වතුයායේ නිවෙසක​ පිහිනුම් තටාකය අසල සාදයක් පැවෙත්වෙමින් තිබුණා. මෙම වතුයායේ අයිතිකරු වූයේ ඇස්ටර් සාමිවරයා යි. ඔහු එම සාදය පැවැත්වෙන ස්ථානයට තම අමුත්තන් කිහිප දෙනෙකු සමග පැමිණෙමින් සිටියා. සාදය දෙසින් පැමිණි ප්‍රීතියෙන් සිනහසෙන හඬ කියා සිටියේ එහි ඉතා විනෝදජනක සැඳෑ එකමුතුවක් පැවැත්වෙමින් තිබුණ​ බව යි.
ඇස්ටර් සාමි සිය අමුත්තන් සමග පිහිනුම් තටාකය අසලට පැමිණෙද්දී ඔවුන් දුටුවේ එහි ස්නානය කරමින් සිටි තරුණියක නිරුවතින් එයින් පිටතට එන අයුරු යි. අමුත්තන් දැක ඇය කලබලව සිය නාන ඇඳුම සොයද්දී ඇය සමග සිටියවුන් එය ඇගෙන් ඈතට විසි කළා. ඇය එය අල්ලා ගැනීමට දිව යන අතර අසල වූ තුවායක් රැගෙන සිරුර වසාගත්තා.
එදින සවස එම විහිළුව හේතුවෙන් සිනහ වෙමින් විනෝද වූ පිරිසගෙන් කවරකුවත්, එම සිදුවීම 20 වන සියවසෙහි බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනයෙහි පළමු ජවනිකාව බව සිතන්නට නැතිව ඇති.
එදින සවස ඇස්ටර් සාමි සමග පැමිණි අමුත්තන් අතුරින් අයෙකු වූයේ එවකට බ්‍රිතාන්‍ය යුධ ලේකම් ජෝන් ප්‍රොෆියුමෝ යි. පිහිණුම් තටාකය අසල වූ සාදය සංවිධානය කර තිබුණේ අස්ථි චිකිත්සකයකු වූ ස්ටීවන් වෝර්ඩ් විසින්. වෝර්ඩ්ගේ සේවය ඇස්ටර් සාමි විසින් ලබාගෙන තිබුණ අතර ඊට කලගුණ සැලකීමක් ලෙස තම වත්තෙහි නිවෙසක් භාවිතා කිරීමට ඔහු විසින් වෝර්ඩ්ට ඉඩ දී තිබුණා. නාටිකාංගනාවක වූ කීලර් එම සාදයට ගෙන්වාගෙන තිබුණේ වෝර්ඩ් විසින්.

ක්ලීව්ඩන් වත්ත සහ එහි ප්‍රධාන නිවස​ (National Trust)

1961 ජූලි මාසයේ ක්‍රිස්ටීන් හමුවී ඇය පිළිබඳ උනන්දුවක් ඇති කරගත් ප්‍රොෆියුමෝ ස්වල්ප දිනෙකින් නැවත ඇය සමග සබඳතාව ඇති කරගත්තා. ඔවුන් අතර වූ සම්බන්ධය ඇත්තෙන්ම වැඩි කලක් පැවතියේ නැහැ. ඇතැමුන් විශ්වාස කරන පරිදි එය සති කිහිපයකින් නිම වූ අතර උපරිම වශයෙන් දෙසැම්බරය දක්වා එම සම්බන්ධය පැවතියා.
Newsletter
Subscribe to our newsletter
and stay updated.
ප්‍රොෆියුමෝගේ මේ සම්බන්ධය පුද්ගලික කරුණකට වඩා එහා නොයන්නට ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත් එසේ නොවූයේ, ජූලි මාසයේ පැවති සාදයට වෝර්ඩ්ගේ අමුත්තකු ලෙස සෝවියට් තානාපති නිලධාරියකු වූ යෙව්ගිනි ඉවනොෆ් ද සහභාගී වීම නිසා යි.

ජෝන් ප්‍රොෆියුමෝ

කොන්සර්වේටිව් පාක්ෂිකයකු වූ ජෝන් ප්‍රොෆියුමෝ 1940 දී අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ යි. එහෙයින් ඔහු එම පාර්ලිමේන්තුවේ ලබාලම මන්ත්‍රීවරයා වුණා. දෙවන ලෝක යුධ සමයේ දී රාජකීය යුධ හමුදාවෙහි සේවය කළ ඔහු 1944 දී නෝර්මැන්ඩි ගොඩබැසීමට ද සහභාගී වුණා. 1945 දී ඔහු නැවත මැතිවරණයට ඉදිරිපත් වුව ද එවර ඔහු කම්කරු පක්ෂ අපේක්ෂකයකුට පරාජය වුණා. ප්‍රොෆියුමෝ නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1950 දී යි. 1951 දී කොන්සර්වේටිව් පක්ෂය බලයට පත් වූ පසු ඔහු පාර්ලිමේන්තුවෙහි ප්‍රකට මන්ත්‍රීවරයකු වුණා. 1960 දී ඔහු යුධ කටයුතු පිළිබඳ ලේකම් ධුරයට පත් කෙරුණා.

ප්‍රොෆියුමෝ සහ වැලේරි හොබ්සන් (Daily Mail)

ප්‍රොෆියුමෝ හිටපු නිළියක වූ වැලේරි හොබ්සන් සමග 1954 දී විවාහ වුණා. ඔවුන්ට 1955 දී පුතෙකු ලැබුණා. ඩේවිඩ් ප්‍රොෆියුමෝ නම් වන ඔහු නවකතාකරුවෙක්. වැලේරිගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටියා.

රාජ්‍ය රහස්

මෙකල බ්‍රිතාන්‍යයේ හැරල්ඩ් මැක්මිලන්ගේ රජය රාජ්‍ය රහස් පිටවීම පිළිබඳ ආන්දෝලනයන් කිහිපයකටම මුහුණ දෙමින් සිටියා. මේ අතර 1962 ඔක්තෝබරයේ දී කියුබානු මිසයිල අර්බුදය හේතුවෙන් ඇමරිකාව සහ සෝවියට් දේශය යුධ වදිනු ඇතැ යි යන අවදානමක් ද ඇති වුණා.
රාජ්‍ය රහස් පිළිබඳ රජය විවේචනය කරන්නන් අතර පෙරමුණේ සිටියේ ජෝර්ජ් විග් නම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරයා යි. 1962 නොවැම්බර් 11 වන දා විග්ට අභිරහස් දුරකතන ඇමතුමක් ලැබුණා. එයින් කියැවුණේ ඔහු අනෙකුත් සිද්ධීන් පසෙකලා ප්‍රොෆියුමෝ පිළිබඳ සෙවිය යුතු බව යි. මෙම ඇමතුම කවරෙකු විසින් ලබාදුන්නේදැ යි හෙළිදරව් වූයේ නැහැ. ඇතැමුන් විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය රජය තුළ අර්බුදයක් ඇති කිරීම සඳහා රුසියානු ඒජන්තයකුම මෙසේ ඇමතීමක් ලබා දෙන්නට ඇති බව යි.
විග් සහ ඔහුගේ සහචරයින් ප්‍රොෆියුමෝ පිළිබඳ හාරා ඇවිස්සීමට වුණා. කීලර් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඔවුන් සමත් වුණා.

ලුවිස් මෝර්ලි විසින් 1963 දී ගත් කීලර්ගේ ඡායාරූප එකතුවෙන් එකක් (Lewis Morley)

ප්‍රොෆියුමෝ හඳුනාගෙන ටික කලකට පසු කීලර් බටහිර ඉන්දීය දූපත්වලින් පැමිණි සංගීතකරුවකු වූ ගෝර්ඩන් නමැත්තා සමග සබඳතාවක් ඇතිකර ගත්තා. නමුත් එය ද වැඩිකල් පැවතියේ නැහැ. කීලර් පවසන පරිදි ඔහු විටෙක ප්‍රචණ්ඩ ලෙස හැසිරුණා. ඇය ඔහු හැරගොස් තවත් බටහිර ඉන්දීය දූපත් වාසියකු සහ හිටපු නාවිකයකු වූ ජොනී එජ්කෝම් සමග සබඳතාවක් ඇතිකර ගත්තා. එහි ප්‍රතිඵලය ලෙස ගෝර්ඩන් සහ එජ්කෝම් අතර ගැටුමක් ඇති වූ අතර එහිදී ගෝර්ඩන් තුවාල ලැබුවා.
එජ්කෝම් ද ප්‍රචණ්ඩ අයුරින් හැසිරුණ හෙයින් කීලර් ඔහු ද හැරගියා. ඇයව මුණගැසීමට ඇය සිටි නිවසට පැමිණි ඔහු, ඊට අවසර නොලද තැන එම නිවස වෙත වෙඩි තැබුවා. මෙම සිද්ධියෙන් ස්වල්ප කලකට පසු කීලර් තම පැරණි සබඳතා පිළිබඳ යම් යම් අය සමග පවසා තිබුණා. ඒ අනුව කම්කරු පක්ෂ මන්ත්‍රී විග්ට මේ පිළිබඳ දැනගැනීමට ලැබුණා.
කීලර් සමග ප්‍රොෆියුමෝ සහ ඉවානොෆ් යන දෙදෙනාම සබඳතා පවත්වාගන ගිය බවට සැක පළවීමත් සමග කීලර් හරහා ඉවානොෆ් රාජ්‍ය රහස් ලබාගත්තේදැ යි සැක මතුවුණා.
මේ අතර වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව ඇරඹුණා. එහි ප්‍රධාන සාක්කිකාරියක වූ කීලර් අධිකරණයට පැමිණියේ නැහැ. මේ අතර ප්‍රොෆියුමෝ පිළිබඳ කටකතා ද පැතිරෙමින් තිබුණා. කීලර්ගේ අතුරුදහන්වීම සමග මේ කටකතා තවත් පැතිරෙන්නට වුණා.
නමුත් ඇත්ත වශයෙන්ම ඇය ස්පාඤ්ඤය වෙත ගොස් සිටියා. එහි සිට ඇය තම කතාව පුවත්පතකට පැවසුවා. කම්කරු පක්ෂය මේ පිළිබඳ කුමක් කරන්නේදැ යි විවාද කරන අතර 1963 මාර්තු 21 වන දා විග් පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ ප්‍රශ්නයක් නැගීමත් සමග මෙම ආන්දෝලනය පුපුරා ගියා.
විග් විසින් ප්‍රශ්නය නගන ලද්දේ ස්වදේශ කටයුතු ලේකම් හෙන්රි බෘක් වෙතින්. බෘක් මේ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැහැ. ප්‍රොෆියුමෝ ද එවන් සම්බන්ධයක් තමා හා කීලර් අතර නොවූ බව කියා සිටියා.

වෝර්ඩ් සහ කීලර් (Getty Images)

මේ අතර වෝර්ඩ්ගේ කටයුතු පිළිබඳ බලධාරීන් පරීක්ෂණ ආරම්භ කළා. කීලර්ගෙන් ද ප්‍රශ්න කරන ලද අතර ඇය ප්‍රොෆියුමෝ පිළිබඳ වූ සබඳතා පිළිබඳ කියා සිටියා. ඔහු විශාල ආදායමක් ලබාගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය මෙහිදී විමසනු ලැබුවා. දිනෙන් දින ප්‍රොෆියුමෝ වටලමින් කරුණු ගොඩනැගෙන්න වුණා.
ජූනි 5 වනදා ප්‍රොෆියුමෝ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ඉන් දින තුනකට පසු වෝර්ඩ්ව අශීලාචාර ලෙස මුදල් ඉපයීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනුණා. මේ අතර බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය ද දරුණු ලෙස ප්‍රොෆියුමෝට සහ වෝර්ඩ්ට පහර දෙන්න වුණා. වෝර්ඩ් යනු ලිංගික දඩයම්කරුවකු බවත් ඔහු සෝවියට් දේශයෙන් මුදල් ලබාගත් බවත් මතයක් ගොඩනැගුණා.
වෝර්ඩ්ට එරෙහි නඩු විභාගය අතර ඔහු නිදිපෙති විශාල ප්‍රමාණයක් ගෙන දිවි නසාගත්තා. මේ අතර ප්‍රොෆියුමෝ දේශපාලනයෙන් ඉවත්ව ගියා. ඩෙනිංග් සාමි විසින් කළ පරීක්ෂණයකින් පසු ප්‍රොෆියුමෝ රාජ්‍ය රහස් පිට නොකළ බව නිගමනය කෙරුණා. ප්‍රොෆියුමෝ ඉන්පසු පුණ්‍ය කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළා.
අගමැති හැරල්ඩ් මැක්මිලන් 1963 ඔක්තෝබරයේ දී රෝගී වීම හේතුවෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් වසරකට පසු පැවති මැතිවරණයේ දී 13 වසරක් පැවති කොන්සර්වේටිව් පාලනය බිඳ වැටුණා. එම මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රොෆියුමෝ සිද්ධිය ද බලපෑ බව විශ්වාස කෙරෙනවා.
Coped

ඇමැතිවරයකු ගෙදර යැවූ තරුණිය

ඇමතිවරයකු ගෙදර යැවූ තරුණිය - ක්‍රිස්ටීන් කීලර් සහ ප්‍රොෆියුමෝ සිද්ධිය

(Copied)