City Lights යනු චාලි චැප්ලින් විසින් රචනා කොට,නිශ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු රෝමාන්තික, නිහඬ චිත්‍රපටයකි. මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් නම් චාලි චැප්ලින් (charlie chaplin) නම් ලෝ පතල විකට නලුවා මෙම සිනමාවේ නිශ්පාදනය කටයුතු සදහා වැඩි වශයෙන් සිය දායකත්වය සපයා තිබීමයි. නලුවරණය සදහා charlie chaplin, Fdorence lee, HanrryMyers, Al Ernest Garica දායක වී ඇත.සංගීත අධ්‍යක්ෂණය කටයුතු ද චාලි අතින් සිදුව ඇති අතර Jose Padilla, ArthurJohonston සහ Alfred Newman ද ඇතුලත්ය. කැමරාකරණය Roland Totheroh හා Gordon Pollock සංස්කරණ කටයුතු charlie chaplin හා Willard Nico අතින් සිදු වී ඇත. මෙම චිත්‍රපටය 1931 දී ඇමරිකානු එක්සත් රාජධානියේ තිරගතව ඇති අතර Box Office වාර්තා තබමින් රුපියල් මිලියන 5ක ලාභයක් ලැබුවේය. ඉංග්‍රීසි භාශාවෙන් තිරගත වූ මෙම චිත්‍රපටයේ දාවන කාලය විනාඩි 87කී.
1928 දී චාලි විසින් මෙම චිත්‍රපටයේ තිර පිටපත දියුණු කරමින් පවතින අවධිය වන විටත් කථානාද චිත්‍රපට (Sound Films) සදහා ඉල්ලුම වැඩි වෙමින් පැවතියේය. නමුත් ඔහු තමන්ට ආවේණික නිහඬ චිත්‍රපට නිශ්පාදන (Slient Film Production) ඔස්සේ චිත්‍රපටකරණය දිගටම පවත්වාගෙන ගියේය. චිත්‍රපට නිශ්පාදනය කටයුතු 1928 දෙසැම්බර් මස ආරම්භ කරන ලද අතර 1930 සැප්තැම්බර් මස නිශ්පාදන කටයුතු අවසාන විය. මෙහි තිරපිටපත චැප්ලින්, ආතර් ජොන්ස්ටන් ( ArthurJohonston) සමග එක්ව සති 6කින් අහවර කලේය.
1991 දී කෝන්ග්‍රස් පුස්තකාලය (Library of congress) එක්සත් ජනපද ජාතික චිත්‍රපට ලේඛනයේ සංරක්ෂණ කටයුතු සදහා City Lights චිත්‍රපටය තෝරා ගත්තේය. ඒ "සංස්කෘතික එහිතිහාසික හා සෞන්දර්යාත්මක වශයෙන් " වැදගත් වන බව දක්වමිනි. මෙම චිත්‍රපටය 2007 දී ඇමරිකානු චිත්‍රපට ආයතන විසින් මෙතෙක් නිපදවා ඇති හොදම ඇමරිකානු චිත්‍රපට ලැයිස්තුවේ 11වන ස්ථානයට පත් විය. 1949 දී චිත්‍රපට විචාරක ජේම්ස් ඒගේ ( James Agee) අවසාන දර්ශනය "සෙලියුලොයිඩ් සදහා මෙතෙක් කර ඇති ශ්‍රේෂ්ඨතම තනි රංගනය" ලෙස නම් කලේය.
චිත්‍රපට තේමාවේ සදහන් ලෙසට මෙම චිත්‍රපටය නගරයේ වන සිදුවීම් ඔස්සේ ගලා යයි.
"සාමය හා සමුර්ධිය" සදහා නව ස්මාරකයක් නිරාවරණය කිරීම සදහා නගරය මැද පුරවැසියන් හා සම්භාවනීය අමුත්තන් රැස් වේ. විවිධ කථා වලින් පසු කැටයම් සහිත පිලිමය නිරාවරණය කරයි. නමුත් එහිදී එක් පිලිමයක උකුලේ නිදා සිටින ට්‍රම්ප් (චාලි) පහර දීමට ලක් වේ. මිනිත්තු කිහිපයකින් පසු නගරය පුරා පැතිරෙන එක් රැස් වීමේ කෝපයෙන් ඔහු ගැලවේ.
මෙහිදී අප අවධානය යොමු කල යුතු කරුණක් නම් පිලිමය විවෘත කිරීමේ මුක්‍ය අදහසම මිනිස් සිත් තුල නොමැති වීමයි. නිරුවත් පිලිමයකට අගය කිරීම් ලැබැන අතර, ඔහුගේ නිරුවත ගෙන නගර වාසීන් දක්ව්න්නෙ විරෝධතාවයකි. මිනිස්සුන්ගේ පුහු ආටෝපය හා පරස්පර විරෝධී සිතුවිලි විකට අන්දමින් එලි දැක්වීම චාලිගේ චිත්‍රපට තුලින් දැකිය හැකි ලක්ශණයකි. එසේම ඔහුන් චිත්‍රපට බොහෝමයක් සමාජවාදී දුශ්ටිකෝණයෙන් ඔහු ඉදිරිපත් කරන අතර තමාගේ විකට රංගන ශයිලයෙන් ඒවා බරපතලව විවේචනය කිරීම ඔහුගේ උපායමාර්ගයයි. මේ සදහා චාලිගේ අධිවේගී රගපෑම් හා අධිවේගී සංගීතය අනුබල සපයයි.
ධනවාදයට විරුද්ධ චාලිගේ ආකල්ප ඔහුගේ චිත්‍රපට තුලින් විෂද වේ. ඒ පිලිබද ඊලග රූපරාමු සාක්ෂි සපයයි.
ට්‍රම්ප් වීදි කොණක සිටින මල් විකුණන දැරියක් මුණ ගැසැන අතර ඇය අන්ධ බව වටහා ගනියි. ඒ අවස්ථාව වන විටත් ඇය වරදකරුවකු වූ ධනවත් මෝටර් රථ හිමිකරුවකුට බැන වදිමින් සිටියි.
එදින සවස ට්‍රම්ප් බේබදු කෝටිපතියෙකු සියදිවි නසාගැනීමෙන් බේරා ගන්නා අතර, කෝටිපතියා ඔහු තම මන්දිරයට ගෙන යන අතරතුට ට්‍රම්ප් මල් විකුණන දැරිය දැක ඇයගේ සියලු මල් මිලදී ගනී.
ට්‍රම්ප් කෝටිපති මන්දිරයට යන අතර පසුදින උදෑසන එම ධනවතාට ට්‍රම්ප් කල උදවු වෙරි හිදීමෙන් පසු අමතකව ට්‍රම්ප් නිවසින් එලවා දමයි. නැවත දිනක කෝටිපතියා වෙරි වී සිටි විට ට්‍රම්ප් හදුනා ගෙන යන අතර, පසුදින උදෑසනද වෙරි හිදුන පසු ට්‍රම්ප් එලවා ගනී. මෙලෙස කෝටිපතියෙකුගේ පරස්පර සිතුවිලි ඔස්සේ ඔවුන්ගේ ගුණමකු, කුහක මානසිකත්ව හා දුගීයන්ට සලකන අයුරු උලුප්පා දක්වයි.
සුපුරුදු පරිදි වීදි බැසි ට්‍රම්ප් මල් විකුණන දැරිය එම ස්ථානයේ නොමැති බව දැන ගනියි. ඇගේ මහල් නිවාසය සොයාගෙන ඔහු යන අතර එහිදී වෙදමහතෙකු ආච්චිට පවසන්නේ ඇය ඉතා අසනීපයෙන් පසුවන බවයි. මේ දැක ඇයට ප්‍රතිකාර කිරීම සදහා ට්‍රම්ප් වීදි අතුගාන්නෙකු ලෙස රැකියාවක් කරයි.
පාදඩයෙකු ලෙස වීදි සරමින් සිටි ඔහුට ඔහුට එම දැරිය නිසා යම් වගකීම් සහගත බවක් ලැබී ඇතිබව දැකිය හැක. මෙහිදී ඔහු දැරියට තමා ධනවතෙකු ලෙස පෙන්වා දෙයි.
ඔහුගේ දිවා ආහර විවේකයේදී තරුණිය බලන්නට එන ට්‍රම්ප් ඇයගේ විනෝදය සදහා පුවත්පත් ශබ්ද නගා කියවයි. එහිදී වියනාහි වෙදමහතෙකු අන්ධභාවය සුව කිරීම පිලිබද කතාවකි. එහිදී එම දැරිය
"Wonderfull, then i'll be able to see you." යැයි පවසයි.එවිට කුලී ගෙදරින් ඔහුන් නෙරපා හැරීමේ දැන්වීමක්ද දකී.ඔහු පිටව යන විට කුලිය ද ගෙවන බව තරුණියට පොරොන්දු වෙමින් පිටව යයි.
විවිධ උපායයන් කල්පනා කරමින් මුදල් කෙසේ හෝ උපයා ගැනීමට ට්‍රම්ප් කල්පනා කරන අතර ඔහු බොක්සිං ක්‍රීඩාවකටද සම්බන්ධ වේ. මෙය නිකම්ම විකට බොක්සිං තරගයක් ලෙස අපට පෙනී ගියත් එය දුගී වගකීම් සහිත තරුණයකු තම ජීවන අරගලයේ යෙදෙන අයුරු චාලි තම චිත්‍රපටයේ නිරූපණය කලා සේය. කෙසේ නමුත් තම අරමුණ සඵල කර ගැනීමට ඔහුට නොහැකි වෙයි.
කලින් කී බේබදු කෝටිපතියා ට්‍රම්ප්ට මුණ ගැසැන අතර ඔහු මල් විකුණන දැරියගේ කතාව ඔහුට පවසයි.ඔහු ට්‍රම්ප්ට යම් මුදලක් ලබා දෙයි. නමුත් එය මංකොල්ලකෑමකට ලක්ව කෙසේ හෝ ට්‍රම්ප් සිරගත වේ.
අවසන එම දැරිය ඇස් පෙනීම ලබා සුව අතට පත්ව ඇත. ඇය තම අද්භූත ප්‍රතිලාභියා (ට්‍රම්ප්) තවමත් අමතක කොට නොමැති. තම කාර්යබහුල මල් සාප්පුව මෙහෙයවන අතරතුරදී තම උදව්කරු කවදා හෝ පැමිණෙ යැයි මග බලාගෙන සිටියි. මාස ගණනාවකට පසු ට්‍රම්ප් සිරයෙන් නිදහස් වී වීදි දිගේ පැමිණෙ. චිත්‍රපටයේ මුල් කොටසේ සිටි නිවුස් බෝයි දෙදෙනාගෙන් නැවත සමච්චලයට ලක්ව එසේ මාවත දිගේ ගමන් කරන විට කඩ සාප්පු පසු කරගෙන මල් විකුණන දැරියගේ සාප්පුව අසලට සේන්දු වේ. තරුණිය ඔහුගේ අසරණභාවය දැක මලක් හා කාසියක් පරිත්‍යාග කරන අතර ඔහුගේ හස්තය ඇයට ස්පර්ශ වීමෙන් ඇය තමාට උදවු කල තරුණයා මොහු බව හදුනා ගනියි.
එවිටම ට්‍රම්ප්
"You can see now?"
දැරිය
"Yes, Ican see now."
යනුවෙන් ඔහුගේ අත් ඇයගේ ළයට ඇද ගනී. ට්‍රම්ප් මුහුණේ ඇති අවිනිශ්චිතතාව එකෙනෙහිම ප්‍රීතිමත් භාවයට හැරෙ.
කලගුණ අමතකව නොකරනවුන් ස්පර්ශයෙන් පවාද එය හැදින ගන්නා බවට මෙය කදිම නිදසුනකි. බේබදු කෝටිපති චරිතය වෙරි හිදුන විට ට්‍රම්ප් එළවා දමයි. නමුත් දිළිඳු දැරිය එක් ස්පර්ශයකින් තමාගේ කරදරයකදී උපකාර කල පුද්ගලයා හදුනා ගනී.
චිත්‍රපටය පුරාවටම සංගීතය උචිත තැන්හී ඉතා ආකර්ශනීයත්ව යෙදාගෙන ඇත්තේය. එමගින් වචනයන් රහිතව වූව ද ආකර්ශනීයව දැකුම්කළු ව රූප ගලපා ඇත්තේය.
චාලි අන්ධ දැරියගේ චරිතයට නිළියන් කිහිප දෙනෙකුගෙන්ම තිර පරීක්ෂණ ලබා ගත් අතර ඔවුන් පිළිබඳ සෑහීමකට පත් නොවීය.පසුව මිතුරෙකු මාර්ගයෙන් වර්ජීනියා චෙරිල් හදුනා ගත් අතර ඇය පිළිබඳ තෘප්තිමත් වීමෙන් ඇය එම චරිතයට තෝරා ගන්නා ලදි.
මෙම චිත්‍රපටය පුරාම පරිපූර්ණ වූ තර්කයක් තිබිණි.කථාව යනු සැබැවින්ම ප්‍රකාශ කල ආකාරය නොව. බොහෝ චිත්‍රපට අපට ඇහුම්කන් දීමට නොහැකි වූවද චරිත කතා කරයි, යන මතයක් පවතී.උදාහරණයක් ලෙස බස්ටර් කීටන් චරිතය පැහැදිලිවම කතා බහට ලක් වේ.නමුත් ට්‍රම්ප් යනු ඉන් එහාට ගිය චරිතයකී. ශරීර භාෂාව කථනය ලෙස සේවය කරන පුද්ගලයකී. ඔහු අන් චරිත වලට වඩා වෙනත් තලයක සිටී. ඔහු ඔවුන්ගේ ජීවිත හා යතාර්ථයන්ගෙන් පිටත සිටගෙන ඔහුගේ පෙනුම අනුව විනිශ්චය කරනු ලැබේ.
නිවාස නොමැති හා සැබෑ මිතුරන් හෝ පවුලක් නොමැතිව සිටින අතර බොහෝ දුරට ඔහුගේ ක්‍රියාවන් තුලින් ලෝකය සමග අන්තර්ක්‍රියා කරයි.
City Lights හී පරස්පර විරෝධී අංගයක් තිබේ. එනම් එහි චමත්කාරය හා හාස්‍ය සිහිපත් කරන විට මෙය 'නිහඩ චිත්‍රපටයක්' ලෙස සැලකිය නොහැකිය. ඒ වෙනුවට එය පුදුමාකාර රංගනයක් හා දක්ශ අධ්‍යක්ෂණයක් මගින් ජීවය ගෙන එන ලද අඛ්‍යානයකට උදාහරණයක් ලෙස දැක්විය හැක්කේය. එමගින් City Lights හී ඉදිරිපත් කිරීමේ මාධ්‍යයන් කතා නොකරන, එහි ආකර්ශනීයත්වයට අත්‍යාවශ්‍ය අංගයකී. මෙහිදී චරිත කටහඬ රහිතව හැගීම් මගින් රංගනය ඉදිරිපත් කලයුතු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විස්මයජනක අවස්ථා තිරයේ මැවේ.
සමහර විට කටහඬ සමග මේ දේවල් ගෙඩ නැගෙන විට බලහත්කාරීව කරන හෝ ව්‍යාජ බවක් ආරෝපණය වේ යැයි චාලි සිතුවා විය හැකිය.
නිහඬත්වය යන සන්දර්භය තුල වඩාත් සන්සුන්, ස්වාභාවික යන හැගීම ඇත. සමහර අංග ශබ්දයට වඩා ජීවයක් සපයයි. එය ප්‍රතිලෝම වශයෙන් සත්‍යයකි. නිදසුනක් ලෙස සංගීතය දෙස සලකා බලන්න. මේවා චැප්ලින්ගේ හාස්‍යයයේ සන්නාමයන්සේය. අද වන විට පවා චැප්ලින්ගේ ක්‍රමෝපායන් හාස්‍යය උත්පාදනය සදහා සිනමා පටවල යොදා ගැනීම දැකිය හැකිය. මෙය පූර්ණ කාලීන වලංගුතාවයකට පත්ව ඇත.
චැප්ලින්ගේ සියලු ම චිත්‍රපට අතරින් (Modern Times හැර) City Lights ට්‍රම්ප්ගේ උපරිම චරිත නිරූපණයකට ලක් කර ඇත. ඔහු හුදෙකලා වී සිටින චරිතයක් ලෙස බේබදු දේවදූතයෙකු සේ පැමිණෙ. පවුලක් මිතුරන් හෝ ජීවත් වීමට ස්ථානයක් නොමැතිව ඔහු අපගේ යථාර්ථය පිටින් සිටගෙන සමහර විට එයට ගැලවීමට උත්සාහ කරන අතර සමහර විට එසේ ගැලවීමට උත්සාහ නොගනී. එසේම දරුවෙකු මෙන් වූ නිර්මල හදවතක් හා හොද චේතනාවෙන් යුතු අහිංසක පාදඩයෙකු ලෙස දිස්වේ. අන්ධ දැරිය සමග බැලූවිට ඇය වෙනුවෙන් අනේක දුකක් විදිමින් ඇය ගුණ කිරීමට වෙහෙසෙනා අපූර්ව ගුණය එම චරිතයෙන් දක්වා ඇති බවය.
කලු සුදු එසේම නිහඬ චිත්‍රපට නැරඹීම කෙරෙහි අදවන විට වැඩි යොමු වීමක් තරුණියන් කෙරෙහි දක්නය නොහැකිය. නමුත් චැප්ලින්ගේ කලු සුදු නිහඬ සිනමාවේ ප්‍රකාශිත මනෝභාවය සර්වකාලීනය. එම සිනමා උපක්‍රම අදටත් වලංගු ඒවා පවතින්නේය.
එසේම පුද්ගලයන්ගේ සියුම් චර්යා පවා වඩා වැඩි පරිශ්‍රමයක් දරමින් මතුපිටට ගෙන උලුප්පා දැක්වීමට චැප්ලින් තරම් ජගතෙකු මුල් කාලයේ සිනමා ක්ෂේත්‍රය තුල නොමැති සේය. නාගරිකරණය වූ ජනයා තුල වූ පුහු ආටෝපයන් චැප්ලින් 'නගරයේ ආලෝකය' තුලින් මතුපිටට ගෙන ආවේය යැයි සදහන් කල හැකිය.
















